52.

115 12 48
                                    

"උඹට බැරිද.. මගෙ ඇස් දෙක පියවෙනකල්.. මාව තුරුල් කරන් මෙහෙම්ම ඉන්න.."

"ජීවිත කාලෙම වුනත් උඹව තුරුල් කරන් ඉන්න මට බැරිකමක් නෑ ඕෂි.. මට තියෙන එකම ප්‍රශ්නෙ.. තව ටිකකින් උඹට නින්ද ගියහම.. කොහොමද පාළුව මකා ගන්නෙ කියල"

කැෆේ එකේ වුන දේත් එක්ක මං හිටියෙ ටිකක් අවුල් වුන මූඩ් එකකින්.ඒ වෙලාවෙම සයාශ් අයියා මාවත් එක්කන් ආපහු ගෙදර ආව හින්දා හොඳයි.නැත්තම් අරුන්ට උත්තර බඳින්න ගිහින් මගෙ කටේ පොට යනව ෂුවර්!

ඒ වෙලාවෙ සයාශ් අයියා වුනත් අනික් උන්ට උත්තර දිදී ඉන්නවට වඩා මුලින්ම කළේ මාව වාහනේ දාන් ඉක්මනට ගෙදර ආව එක.ඊට පස්සෙ තමයි පොර නිමේක්ෂ අයියට කෝල් එකක් දීලා සිද්ධිය විස්තර කළේ.එතනින් පස්සෙ උන් කෑවද බීවද කැෆේ එකෙන් ගියාද කින්ද මන්ද මුකුත්ම මට තියා මුටවත් අදාල වුනේ නෑ.අනික එවලෙ මූ උන්ට තදින්ම කියනව මං අහගෙන 'උඹලා දැන් මෙහෙ එන්න ඕනි නෑ,ඒක මං බලාගන්නම්.ඕන්නම් මැසේජ් එකක් දාන්නම්' කියලා.

ගෙදර ආවත් හරි තෙමිච්ච ඇඳුම් මාරු කරන් මං කෙලින්ම ඇඳට පත බෑවුනා.ඒ අතරෙ අර පොරත් ගල් ඉබ්බා වගේ බුම්මගෙන බලන් ඉන්නව.මං මොනව කරන්නද යකූ මේව මං හිතලා විහින් දාගන්න මගුල් නෙවේනෙ.උඹට මාත් එක්ක සිරාවටම එලියට යන්න ඕනිනම් ඉක්මනට මේකෙන් මාව ගලවගනින්.නැත්තම් හැමදම ඔහොම ගිය පයින්ම එන්න තමා වෙන්නෙ සගෝ!

"අයියෙ.. උඹ වැඩියෙන් විශ්වාස කරන්නෙ මේ ස්ලීපින්ග් පිල්ස් ද නැත්තම් මාව ද?" ඇඳේ හාන්සි වුනා කීවට මගෙ ඔලුව තිබුනෙ සයාශ් අයියගෙ පපුව ගාව.අනික මූ නිකන් මොකෙද්ද එකෙක් වගේ මගෙ බෙල්ලෙ ඇඩම්ස් ඇපල් එක ගාවට එනකල්ම සීට් එක පොරවල ඒ මදිවට තව තුරුල් කරගෙනත් ඉන්නවා.

ඇඳට පත බෑවෙන්න කලින්ම මට ස්ලීපින්ග් පිල් එකක් බොන්න සිද්ධ වුණ එක ගැන නම් දුකයි සහෝදරවරුනි.ෂිලෝන් ඩොකා මුට කියලා තියෙන්නෙ මෙහෙම වෙනකොට ඒවයින් එකක් දීලා මාව දොයිය බබා කරවන්න කියලා.කරන්න දෙයක් නෑ මට මුගෙ හිත රිද්දන්න බැරි හින්ද මාත් පාඩුවේ ඕවයින් එකක් බඩට දාන් නිදාගන්නවා.

"උත්තරේ දැන දැනත් උඹ මොකටද මගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්නෙ?" හරි යකෝව් කවුද දන්නෙ බොගෙ හිත වෙනස් වෙලාද කියලා.අනික බොට ඔය පිල්ස් විශ්වාස නැත්තම් මොකටද මට ඒව බොන්න දෙන්නෙ!

මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️Where stories live. Discover now