"ඔය ළමයා සයින් කරලද ඔය යන්නෙ! මෙහෙ එනවා!"
මට යකා නැගලා ඉන්න වෙලාවට ටෝක් කරන්න ඇවිත් මං නරක මිනිහා කියලා කියන්න එපා සිකිවුරිටි අංකල්!මං සේරම දමලා ගේට් එකෙන් එලියට යන්න යද්දි මූ මගෙ ගමනට විසාල බාධාවක් වුණා.ඇත්තටම කියනවනම්.. අවේලාවෙ ඉස්කෝලෙන් එලියට යන්න තහනම්නෙ සික්ඛයන්ට.හැබැයි හදිසි කාරණාවකට වගේ එලියට යන්න පුළුවන්.එහෙම යනවනම් සිකිවුරිටි ගාව තියෙන පත ලොග් පොතේ නම ලියලා ආව කාරණාව ලියලා පිට වෙන වෙලාව ලියලා අත්සනක් දාලා තමයි යන්න ඕනි.නැත්තම් යන්න දෙන්නෑ!
"ඕයි ළමයෝ!! කාගෙන් අහලද ඔය යන්නෙ!!" සිකිවුරිටි අංකල් කොච්චර කෑගහුවත් මං කන ඇහෙන්නෙ නැති එකෙක් ගානට ඒ ගැම්මෙන්ම පාර පැත්තට ගියා.ඒත් එක්කම වගේ සයාශ් අයියත් ගේට් එක පැත්තට ආවෙ එක කරක උගෙ බෑග් එකත් එල්ලන් මදිපාඩුවට මගෙ බෑග් එකත් අතින් එල්ලගෙන.
"අංකල්.. ඌ මාත් එක්ක ආවෙ" ඈතින් මාව දැක්ක බොසා සිකුරුට්ටත් ශේප් කරලා මටත් එක්ක සයින් කරලා ඉස්කෝලෙන් එලියට ආවෙ ගේට් එක ගාව පොළොවෙන් අත තියලා ඒ අත තමන්ගෙ පපුවට අරන් ඉස්කෝලෙට ගෞරව කරලා.සාමාන්‍යයෙන් ඔය ඉබ්බොන්ගෙ පුරුද්දක් තියෙනවා ඉස්කෝලෙට එද්දි යද්දි ගේට් එක පහු කරන්න කලින් ඒ විදියට ඉස්කෝලෙට ගෞරව කරන්න.හැබැයි දැන් ඉන්න උන්නම් ඕව කරනවද නැද්ද දන්නෙත් නෑ.
"ඔහොම හිටපන් ඕෂධ!" කවුද? උඹ කවුද? කවුරු වුනත් මට මේ වෙලාවෙ කාවවත් අදාල වුනේ නෑ.මොකද කීවොත් මං හිටියෙ දරාගන්න බැරි ලොකු තරහකින්! අරූ ඇවිත් මගෙ අතින් ඇදලා අරන් මාව නවත්තගත්තෙ නැත්තම් මෙලැහැකටත් මම පිස්සෙක් වගේ පාර පනින්න ගිහින් මොකක් හරි යකඩ ගොඩකට යටවෙලා හබක් තමයි.
මං අහිසියෙන් වගේ පාරට යද්දි සයාශ් අයියා මාව නවත්තගත්තා.ඌ මාව ඇදලා ගත්ත පාර මම නතර වුනේ උගෙ පපුව ගාව.ඉස්කෝලෙ පේන මානෙ තියෙද්දි මහ පාර මැද උඹෙ පපුවට ඔලුව තියන් මෙහෙම ඉන්න එක සම්මත වෙන්න බෑ.ඒත් මට දැන් කිසිම හැඟීමක් දැනීමක් නෑ වගේ!
"එකතත්පරේකට.. උඹ මගෙ හදවත ගැහෙන එකත් නතර කළා යකෝ!" අසම්මතේ මොකක් වුනත් ඌ උගෙ අතින්ම මාව තවත් උගෙ පපුවට ළං කරගත්තෙ මගෙන් කිසිම ප්‍රශ්නයක් නාහා.
වෙන එකෙක්නම් මුලින් අහන්නෙ මොකද්ද බොට වෙලා තියෙන්නෙ කියලනෙ.ඒත් සයාශ් අයියා කවදාවත් මේ වගේ සීන්වලදි මගෙන් එහෙම අහලා නෑ.අහන්නෙත් නෑ.මොකද කියනවනම් උට ඊට වඩා මගෙ මූඩ් එක වටිනවා.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️
Non-Fiction"Chrysanthemum කියන්නෙ හරි ලස්සන මලක්,ආත්ම ගානක් තිස්සෙ අපේ පස්සෙන් එන" "සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි අයියෙ..." "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" -Via Lectea AKA 'මණ්දාකිණි' -24.10.30