"ඕයි නෙතූ...!"
"අහකට පල! මටෝන්නෑ උඹගෙ VIP පාස්!"
"ඒ මල්ලෙ මේ.. නිල් එක දම් වෙන්න දෙන්නෙ බොට ආ.. කට අඩු කරගනින් උඹෙ!"
උදේ පාන්දර ඉස්කෝලෙ ගේට් එක ගාව වලියක්.. මං නැති ටිකට බලපල්ලකො මෙහෙ වෙනස් වෙලා තියෙන තරම්..
නිම්නයා දැන් ඉස්සර වගේ වේලසන ඉස්කෝලෙ එන්නෙ නෑ.ඌ එන්නෙ හතයි විසි පහට වගේ.මූ විනය භාරගෙ පුතා කියන එක තඹ දොයිතුවකටවත් ඌ ගනන් ගන්නෙ නැති එකේ.. සර්කාරයත් එදා සීන් එකෙන් පස්සෙ දැන් උට වැඩිය ප්‍රෙශර් කරන්නෙ නෑ.හැබැයි ඕකෙ ක්‍රෙඩිට් එක යන්න ඕනි වෙන එකෙක්ට!
"ඇයි උඹටත් දත් දෙකත් බඩට යවාගන්න ඕනි වෙලාද!"
"උඹ ජනාධිපතිගෙ පුතා වුනත් කරන්න දෙයක් නෑ මල්ලෙ! පරක්කු වෙලා ආවනම් ගාථා කියලා ඉවර වෙලා ග්‍රවුන්ඩ් එක සුද්ද කරලා පලයන්! අනික් උන්ට වෙනම නීති නෑනෙ!" අර පහන් තිරේගෙයි දුලංජයගෙයි බොට කඳයෙක් ගේට් එක ගාව ඉඳන් නිම්නයා එක්ක පැටලෙන්න ආවෙ අර එදා මුගෙන් ගුටි කාපු පොරත් එතන හිටිය හින්දා.අම්මපා දැන් මුංද දොරටු පාලක පිපෙට්වරු විදියට ඉන්නෙ! නොදකින්.. දවසම මූසලයි යකූ උදේට මේ කෝටුකිතයියොන්ව මූණට සෙට් වුනහම!
"කැහැම්.." අරුන් දෙන්නා රැස් විහිදන් නිම්නයට පාට් එක දදා ඉන්නකොට උන් දෙන්නගෙ පිටිපස්සහට වෙලා තව එකෙක් රැස් විහිදන් බලන් හිටියෙ කතා කරන්න අවස්ථාව ලැබෙනකල්.ඌ නම් බොට කඳයෙක් නෙවේ සගෝ.ඌ අර ඉස්සර හිටිය ගල් ඉබ්බොන්ගෙන් එකෙක්..
පොර උගුර පාදපු විදියෙන්ම අර බොට කඳයො දෙන්නා ක්ෂණික පිටිපස්ස හැරිලා බැලුවා.බලලා වන වන හිටිය නැට්ට අකුලගත්තෙ නිකන් වලියකින් පැරදුන වල් බල්ලො දෙන්නෙක් වගේ.
"මොකද උඹලගෙ සද්දෙ?" ගල් ඉබ්බගෙ පොර ටෝක්ස්..
"නෑ අයියෙ මූ මේ පරක්කු වෙලා ඇවිත් පැනගන්න හදනවා" ඌ එහෙම කියද්දි නිම්නයට කට කොනෙන් හිනාවක් ආවෙ නැතුවමත් නෙවෙයි.ඌ නම් ඒ හිනා වුනේ නෝන්ඩියට.
"මොකද උඹ පරක්කු? ඉස්කෝලෙ පටන් ගන්න වෙලාව දන්නෑ??" ගල් ඉබ්බගෙ ඊළඟ ඉලක්කෙ වුනේ පැත්තකට වෙලා සිරික්කිය දාන් හිටිය නිම්නයා.ඒ අතරෙ පරක්කු වෙලා ඉස්කෝලෙ එන අනික් උන් ටිකත් ගේට් එක ගාව පෝලිමට හිටගෙන හිටියා ගාථා කියනකල් අරුන් එතන මුර සේවාවෙ යෙදෙන හින්දා.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️
Non-Fiction"Chrysanthemum කියන්නෙ හරි ලස්සන මලක්,ආත්ම ගානක් තිස්සෙ අපේ පස්සෙන් එන" "සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි අයියෙ..." "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" -Via Lectea AKA 'මණ්දාකිණි' -24.10.30