"කොයි වෙලේද නින්ද ගියේ?"
"ම්.. දොලහයි හතලිස් පහට විතර බේබි"
"මොකුත් ප්‍රශ්නයක් වුනේ නෑ නේ?"
"නෑ බේබි.. උදේ ඉඳන් පොතේම තමයි.පැයක් විතර අතගගා බත් ටිකකුත් කෑව හැබැයි.ඊට පස්සෙ ආයෙත් ගියා පාඩම් වගයක් බලාගන්න තියෙනවා කියලා"
බොසා ගෙදර ඇවිත් ගයිස්.ආව ගමන් පොර ගංගා නැන්දව කතාවට අල්ලන් උදේ ඉඳන් වෙච්ච දේවල් එකක් නෑර අහගත්තෙ ගංගා නැන්දා සීසීටීවි එකක් කියලා හිතන්ද දන්නෑ.
"නැන්දා එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න"
"හරි බේබි.බේබිලා පරිස්සමෙන් ඉන්න"
ගංගා නැන්දා සාමාන්‍යයෙන් කලින් ගෙදර යනවනම් යන්නෙ තුනට විතර.ඒ කියන්නෙ දැන් වෙලාව තුනට ඇති.ඒත් මම? ඇයි මම? මං දන්නෑ යකූ.ගංගා නැන්දා කීව එක තමයි සිද්ධ වුනේ කියලා හිතාගන්නලා.
නැන්දා ලෙප්ට් වුනාට පස්සෙ තමයි අර පොර කාමරේට ආවෙ.ඌ එද්දිත් මම අර පුළුන් බෝනික්කත් බදන් බබා වගේ දොයි යකූ.. ඇත්තටම මම නිදාගත්තෙ කොයි වෙලේද කියලවත් මම දන්නෑ.මම අන්තිමට කර කර හිටියෙ මැත්ස් ක්ලාස් එකේ ටියුට් එක.
සයාශ් අයියා මට ඇහෙන නෑහෙන ගානට කාමරේට ඇවිත් ඇඳෙන් වාඩි වෙලා මගෙ ඇවිස්සිලා තිබ්බ කොන්ඩෙ අතගාන්න පටන් ගත්තා.ඒත් එක්කම ඇස් පිය නොහෙලා මගෙ මූණ දිහා බලන් හිටියා.ඒත් ඒ වෙලාවෙ කොල්ලා හිටියෙ වෙන සිහියක.වෙන සිහියක් වුනත් ඒකෙත් ප්‍රධාන මාතෘකාව මේ ඕෂධ මන්සිතු සුවහස් ම තමයි.
"මං මෙහෙම කියන එක හරිද කියලා මං දන්නෑ අයියෙ.හැබැයි උඹ ඩොක්ට' කෙනෙක්.ගොඩ කාලෙක ඉඳන් මං උඹව විශ්වාස කරනවා.අඩුම මම මේ දේවල් තාම ශවීනයා එක්කවත් කතා කරල නෑ.."
"මං දන්නවා නෙතෘ මල්ලි.. උඹ නිකන් sherlock holmesගෙ නවකතාවක් වගේ.කොච්චර ආසාවෙන් කියවන්න හැදුවත් මගක් යද්දි තේරුම් ගන්න බැරුව අතරමං වෙනවා.ඒත් උඹ දන්නවද මිනිස්සු ඇයි මේවට මෙච්චර ඇබ්බැහි වෙලා ඉන්නෙ කියලා? ඒවා ඇතුළතින් ගොඩක් interesting නෙතෘ.අපෙ එකා මොකද උඹ මොකද මට! ඕනි වෙලාවක උඹලට මේ ෂිලෝන් ඉන්නවා"
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️
Non-Fiction"Chrysanthemum කියන්නෙ හරි ලස්සන මලක්,ආත්ම ගානක් තිස්සෙ අපේ පස්සෙන් එන" "සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි අයියෙ..." "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" -Via Lectea AKA 'මණ්දාකිණි' -24.10.30