56.

74 7 38
                                    

"එක්කෙනෙක් උදේ වැඩ්ඩා වගේ කිව්වා 'මං බය නෑ' කියලා.. කෝ බලන්න ඒ අහිංසක මූණ.."

ෆ්‍රෙශ් එයා එකේ සුවේ විඳ විඳ ඉඳලා ටිකකින් පඩි පෙළෙන් නැගිටලා මං මලුව කොනේ පාක් කරපු සයාශ් අයියගෙ කාර් එකට ගියා.ගිහින් මගේ තැන වාඩි වෙලා ජනෙලෙන් එලිය බලන් හිටියෙ නිකන් මස්කට්ට උදුදරගත්ත බලු කුක්කෙක් වගේ සෑඩ් මූඩ් එකකින්.ඇත්තටම කීවොත් ඒක සෑඩ්මත් නෙවෙයි සගෝ.ඒකට කියන්න මට වචනයක් මතක් වෙන්නෑ!කොහොමහරි බලන් හිටියනෙ.අනික මං හිටියෙ බර කල්පනාවක.අරූ ඇවිත් කාර් එකට නැගලා සීට්බෙල්ට් එක දාන්න මගෙ මූණට එබෙනකන්වත් මම දන්නෑ.මට මෙලෝ සිහියක් නෑනෙ යකුනේ..

"අරයා මොකද කියන්නෙ?"

මං කිසිම හැගීමක් නැතුව එහෙම ඇහුවෙ සයාශ් අයියා මගෙ සීට්බෙල්ට් එකත් දාලා මගෙ දකුණු කම්මුලට පුංචි කිස් එක්කුත් දුන්නට පස්සෙ.බලපන්කො ඉතින් මුට තැන නොතැන අදාලම නෑ මගෙ මූණ ඉඹින්න! දෙයියො බලන් ඉන්නවා ඕයි! දෙයියො!

"එයා ගොඩක් දේවල් කීවා ඕෂියෝ... හැබැයි මං ඒවා ගැන ගෙදර ගියාම උඹට කියලා දෙන්නම්.අදනම් මට ඩිස්‍ටර්බ් කරන්න හදන්න එපා කොල්ලො! Today.. I want you to be stressless! So let's do something nice.. okay?"
හා හා මගෙ මූණෙන් අහකට පල යකූ.. දෙයියො සාප කරයි!

කරන්න දෙයක් නෑ සගෝ.එදා දවසම මං හිටියෙ මූඩ් ගහලම තමයි.මෙච්චර අකරතැබ්බ වෙලත් කොහොමද කියපල්ලකො මං නිදහස් මානසිකත්වෙකින් වසන්නෙ? සිරාවටම මට වෙලා තියන තරම් අකරතැබ්බ ලොට් එකක් වෙන එකෙක්ට වුනානම් සමහර විට ඌ මෙලැහැකටත් සුයිසයිඩ් කරගෙන! ඒත් මං මෙච්චර අල්ලන් ඉන්නෙ එකම එක පුංචිම පුංචි හේතුවක් පිට.. ඒ හේතුව ඇති මාව ජීවත් කරවන්න.

"ඕන්නෑ අයියෙ.වෙනදා වගේ ඉමු.අනික උඹ අවුලෙන් ඉන්න ඕන්නෑ.මං පිට්!"

බොරු කියන්න දන්නෑ කියලා දැන දැනත් බොරු කියන්න යනවට මට ගහන්නෝනි හොඳ හයේ හතරෙ පොල්ලකින් අම්මපා! මං හින්දා වෙන එකෙක් අවුලෙන් ඉද්දි මට ඊටත් වඩා අවුල් සගෝ.අනික මං කැමති නෑ වැඩකට නැති මගේ දේවල්වලට අනික් අය වද වෙනවට.

"උඹට මාව තම්බන්න බෑ සුදූ.. උඹට ඕනි නැත්තම් මටත් ඕන්නෑ"

"ග්‍රැනීගෙ ගෙදරට යං"

මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️Where stories live. Discover now