"රිදෙනවද ඕෂියෝ..?"
වීල් චෙයා එකට වෙලා ඉඳලා හුරු නැති හින්දා අර මාව බලාගන්න ආව පොරට කියලා නිම්නයයි පහන්දියි මාව නිම්නයගෙ ඇඳට ලෑන්ඩ් කෙරෙව්වා.ඒ වෙලාවෙ ඉඳන් පහන්දියි නිම්නයයි ඇඳේ දෙපැත්තට වෙලා මගේ සුවදුක් විමසනවා හෝ ගාලා.
"ගොන් කතා අහන්න එපා මෝඩි! මෙච්චර මැහුම් දාලත් තවුසෙ හිතුවද රිදෙන්නැතුව තියෙන්න මූ රබර් බෝනික්කෙක් කියලා?" මුං දෙන්නගෙ වැඩේම රණ්ඩු වෙන එකමයි.අනේ යකෝ මාව හිනාගස්සන්න එපා හිනාවෙද්දි වැඩිහරියක් උත්තේජනය වෙන්නෙ මගෙ මැහුම්ම තමයි යකෝව්.
"අපෝ හරි හරි බුද්ධිමතා! තවුසෙ හිතුවද මම ඒකවත් දන්නෑ කියලා? අනික මං ඇහුවෙ ඕෂධගෙන්නෙ? උඹ මොකටද පීපීඑස් දෙන්නෙ?" තව ටික්කින් මුං දෙන්නා ගහගන්න පටන් ගන්නෝ ෂුවර් එකටම.හොඳ වෙලාවට දෙන්නා දෙපැත්තක හිටියෙ.
"අපෝ නවත්තගනිල්ලකො උඹලගෙ කන්දොස්කිරියාව! බලපන්කො ලෙඩක් වෙලාවත් තොපි මට පාඩුවේ කනක් ඇහිලා ඉන්න දෙන්නෑනෙ"
"අනේ එහෙම නෙවෙයි සුදූ.. මූයි මායි ආතල් එකටනෙ රණ්ඩු වෙන්නෙ" අම්මොහ් ඒක.. මං දන්නැතුව මුං දෙන්නා අතරෙ මොකක් හරි මගුලක් සිද්ධ වෙනවදෝ කියලා සාධාරණ බයක් හිතෙනවා දැන් මට.
"අහ්! මේ ඕෂධයා, සයාශ් අයියා උඹට බෙහෙත් ටික බොන්න දෙන්න කීවා වේලසනින්" ඔන්න පටන් ගත්තා.දැන් මං දවස් ගානක් තිස්සෙ බෙහෙත් බොනවා.තවත් බීපන්කො දැන්.ඉව්ව්.. මෙලෝ රහක් නැති පාට පාට පෙති.
"පස්සෙ බොන්නම්" මං අහක බලාගත්තා.අහක බලන්නෙ කොහොමද එහා පැත්ත බලද්දි එහෙන් පහන්දි.මෙහෙන් නිම්නයා.අදනම් රෙද්ද රැකන් බෙහෙත් බොන්නම වෙනෝ මට.
"ඔව් ඔව්! කන්න එපෑ බෙහෙත් බොන්න කලින්.පොඩ්ඩක් හිටාම් මං බත් එකක් බෙදන් එන්නම්" පහන්දි එහෙම කියාගෙනම කාමරෙන් එලියට ගියේ මට අක්කව මතක් කරවගෙන.
"මොකද බං වුනේ? අරූ කීවෙ නම් උඹට..." කෙල්ල ලෙප්ට් වුන ගමන්ම නිම්මා සුපුරුදු පරිදි මගෙ බොක්කෙ යාලුවා විදියට හැසිරෙන්නෙ පටන් ගත්තා.අලේව් මුගෙ ආදරේ බලහල්ලකො.සුනඛයා!
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️
Non-Fiction"Chrysanthemum කියන්නෙ හරි ලස්සන මලක්,ආත්ම ගානක් තිස්සෙ අපේ පස්සෙන් එන" "සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි අයියෙ..." "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" -Via Lectea AKA 'මණ්දාකිණි' -24.10.30