පහන්දි හොඳම කෑල්ල කියන්න යනකොටම කොහෙද ඉඳන් කිහිලි කරුවකුත් එක්ක නොන්ඩි ගහන් ගෙම්බා පනිනවා වගේ ඒ පැත්තට සඳරු අයියා ආවා.මුගෙ කකුල කැඩිලා තිබ්බට කිසිම ගානක් නැතුව ඌ ඉන්න විදියට අනේ යකූ මටත් එහෙම ඉන්න පුළුවන් වුනානම් කොච්චර දෙයක්ද.වැඩක් නෑ ඕසදේ.. උඹට බෑ වෙන කෙනෙක් වෙන්න.අන්නේකයි රියල් දුක.
"අනේ සඳරු අයියේ..! බලාගෙන ඕයි වැටෙයි!!" කොල්ලව දැක්ක ගමන් පහන්දි බිබී හිටිය බබල් ටී එක නිම්නයගෙ කටේ ගහලා අරූ ගාවට ගියේ උට ඒ පැත්තට එන්න උදව්වක් දෙන්න කියලා හිතන්.උදව් දෙනවා වෙනුවට මේකි ගිහින් අරූගෙ අතේ එල්ලුනාද මංද.
"හම්මෝ පැංචා! තෝව දැක්ක කල්..."
පහන්දිගෙ උදව්වට වඩා කිහිලි කරුවෙ උදව්වෙන් එතනට ආව ඌ ශේප් එකේ නිම්නයගෙයි පහන්දිගෙයි මැද්දෙ තිබ්බ පුටුවකින් වාඩි වුනේ හීන් කෙඳිරියක් කාටත් ඇහෙන්නැති විදියට හිතේ තියන්.ඕකා ඔය හිනා වෙලා හිටියට ඇතුළෙන් ස්මයිල් ඉන් පේන් වගේ තමා."බලපන්කො ඉතින් උඹ නොන්ඩියා වෙලානෙ අයියෙ.."
"කවුද ඩෝ නොන්ඩියා! මේක මේ පොඩි තැලීමක් විතරයි" ඌ ගානක්වත් නැතුව එහෙම කීවෙ බැන්ඩේජ් කරලා තිබ්බ දකුණු කකුල පහන්දිගෙ පැත්තට දික් කරන ගමන්.
අරකිටත් අතපය තියන් ඉන්න බැරුව ඒ කකුල කෙලින්ම තමන්ගෙ උකුල උඩට ලෑන්ඩ් කරවගත්තා.දැන් ඉතින් අතගගා හිටපන් පහන්දි!"සිරාවටම මොකද්ද වුනේ හලෝ?" එතනින් එහාට කෙල්ලගෙ ප්රශ්න පටන් ගත්තා.
"අරූ තමයි" ඌ ඈත තිබ්බ ජනෙලයක් ගාවට වෙලා නිමේක්ෂ අයියා එක්ක කතාවක හිටිය දිනරු අයියව පොයින්ට් කළා.
"ඇහ්? උඹ ඇක්සිඩන්ට් වුනේ නැද්ද?" දෙවනි ප්රශ්නෙ නිම්නයගෙන්.
"ෂිකේයියා! උඹ හිතුවද මම පුරුදු වෙන්න බයික් පදිනවා කියලා? යකෝ නිමේක්ෂයටත් මම තමයි ඉගැන්නුවේ!" පොර සීන් එකට එන්ටර් වුනේ ඒ ටේබල් එක උඩ තිබ්බ ෆ්රෙන්ච් ෆ්රයිස් එකක් කටේ ඔබාගන්න ගමන්.
"ඔච්චර අගය කරන්නැතුව කියනවකො ඕයි!"
පහන්දිගෙ පළමු ප්රහාරය පොරගෙ කකුලට."ආ.. ආ.. ඉඳපන්කො කියනකල්!"
"අම්.. සෝ.. සොරි"
"අර යකාට තාම ලයිසන්ස් නෑනෙ? මං ඕකට බයික් එක පුරුදු කරන්න කියලා පාරට බැස්සා.මදෑ මගෙ කකුලෙන් නැවතුනා! තව පොඩ්ඩෙන් මටත් අභියට වුන දේ තමා වෙන්නෙ"
මොකද්ද ඩෝ ඒ කීවෙ? තේරුන්නෑ.පැහැදිලි මදි.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️
Non-Fiction"Chrysanthemum කියන්නෙ හරි ලස්සන මලක්,ආත්ම ගානක් තිස්සෙ අපේ පස්සෙන් එන" "සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි අයියෙ..." "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" -Via Lectea AKA 'මණ්දාකිණි' -24.10.30