මොකද්ද යකෝ ඒ වුනේ? මූ මාව පණ පිටින් මරනවා වගේ වැඩක්නෙ ඒ කළේ.සොහොනක් මැද ඉඳන් ඔහොම ක'න්ෆෙස් කරන සිරිතක් තියෙනවද යකූ.හා කමක් නෑ මං මොනා කරන්නද මහ එකාගෙ ආසවනෙ.
මාව අනවසරෙන්ම කිස් කරලා අන්තිමට නෙතෘ අයියා මගෙන් අහපු ප්රශ්නෙට කොහොම උත්තර දෙන්නද කියලා මට හිතාගන්න බැරි වුණා.මෙච්චර දවස් ගොලුවෙක් වගේ හිටපු මම මගෙ කටින්ම ආපහු නෙතෘ අයියට 'අයියා' කියලා කතා කළාට පස්සෙ මට ගොඩ කාලෙකට පස්සෙ ලොකු නිදහසක් දැනුනා.ඇත්තටම කීවොත් මං දැන් ඒකට ඇබ්බැහි වෙලා වගේ.මේ වෙලාවෙ සොහොන් පිට්ටනියෙ තිබ්බ නිහැඬියාවයි නෙතෘ අයියගෙ ගැඹුරු හුස්මයි එක්ක මගේ හදවත කාටත් නෑහෙන්න දෝංකාර දෙන්න පටන් ගත්තා.මං මොකද්ද කරන්න ඕනි? මං දන්නෙ නෑ.ඉතින් මම මගේ ඔලුව දෙපාරක් විතර උඩට පල්ලෙහට හෙල්ලුවා.
"I'm f*cking addicted to you! I love your soul, man!" දෙවනිපාරටත් නෙතෘ අයියා මට ආදරෙයි කියාගෙනම මාව උගෙ යෝධ අත්වලින් උගෙ පපුවට තද කරන් හිටියෙ කාලයක් තිස්සෙ බලන් ඉඳලා අලුත ගෙන්නගත්තු බෝනික්කෙක් තුරුල් කරගන්න ගානට.මටත් ඒ වෙලාවෙ ඕනි වුනේ මට ආදරේ දැනෙන තැනකට වෙලා තනියම ඉන්න තමයි.මෙච්චර කල් මට එහෙම තැන් කියලා තිබුනෙ අක්කා විතරයිනෙ.ඒත් දැන් මට දැනෙනවා අක්කටත් වඩා කෙනෙක් මට ආදරේ කරනවා කියලා.ඒත් මට මේක කරන්න පුළුවන් වෙයිද? මේක සම්මතද? මගෙ හිතේ කෝටියක් ප්රශ්න තිබුනත් මගෙ යටි හිත මට කීවෙත් එදා ආකර්ෂි නැන්දා කීවා වගේම 'Be you' කියලා තමයි.
"ඒ පාර උඹ මාව කොහෙද එක්කන් යන්නෙ නෙතෘ අයියෙ?" දැන් මං මුගෙ බෝයිෆ්රෙන්ඩ් ද? හාකො.උගෙ ආසාවනෙ.එහෙමයි කියලා යන් යන් කියන තැන යන්න පුළුවන් ද.යනතැනක කියලා එක්කන් පලයන් යකෝව්.සොහොනක් මැද්දෙ මගුලක් නටලා දැන් මාව වාහනේ දාන් හැටට හැටේ කොහෙ යනවා කියලද දන්නෑ හිතන් ඉන්නෙ.
"නිදහස් තැනකට" ඩ්රයිව් කරන ගමන් පොර මගෙ දිහා හැරිලා බලන්න අමතක කළෙත් නෑ.ඉව්ව්ව්! මූ ඔය හැරි හැරී බලන්නෙ ලැජ්ජාවෙන් තක්කාලි තත්වයට පත් වෙලා තිබ්බ මගේ අහිංසක මූණ දිහා නේද.දාඩියකුත් දැම්ම යකූ.
"උඹ නම් මහ පිස්සෙක් අයියෙ!" මෙච්චර කල් කටවහන් හිටපුවගෙ ප්රතිඵල තමා ඔය ඉබේම මගෙ කටින් එලියට පයින්නෙ.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️
Non-Fiction"Chrysanthemum කියන්නෙ හරි ලස්සන මලක්,ආත්ම ගානක් තිස්සෙ අපේ පස්සෙන් එන" "සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි අයියෙ..." "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" -Via Lectea AKA 'මණ්දාකිණි' -24.10.30