"මට වෙලාවට එන්න කියලා උඹ ගෑනුන්ට කඩේ ගියා නේ??"
ඉස්කෝලෙ ගිහින් ආව ගමන්ම නිම්නයා අනික් අතට පොත් ටිකත් උස්සන් නිමේක්ෂ අයියලා දිහා එන්න පුරුද්දක් හදන් ඉන්නවා දැන්.ඇත්තටම කීවොත්... නිම්නයා දැන් ටියුෂන් ක්ලාසස්වලට යන්නෙ නෑ.මාත් මේ මාසෙටම මුල සති ටිකේ විතරනෙ ක්ලාස් ගියෙත්.දැන් මාත් නැති හින්දා ඌ ක්ලාස් යන්නෙත් නෑ.ඒ වෙනුවට ඌ ඊට වඩා හොඳට නිමේක්ෂ අයියගෙන් ඉගෙන ගන්නවා.ඒක හින්දා උගෙ ගෙදරින් අවුලකුත් නෑ දැන්.
දෙක වෙද්දි නිම්නයා එහෙට ඇවිත් හිටියට එවලෙ ගෙදර හිටියෙ පහන්දි විතරයි.හැබැයි දෙකයි දහය විතර වෙනකොට පාරෙන් ඇහුන නිමේක්ෂ අයියගෙ බයික් එකේ සද්දෙන්ම උන් දෙන්නා දැනගත්තා පොර ගෙදර ආවා කියලා.අර කිව්වත් වගේ ඌ කඩේ නෙවේ ගිහින් තියෙන්නෙ.
ගෙට ගොඩ වුන ගමන් හෙල්මට් එක ගලවලා සෝෆා එකට දාලා මූ කෙලින්ම ගියේ එහා පැත්තෙ තිබ්බ උගෙ කාමරේ පොත් මේසෙට වෙලා පේපරයක් කර කර හිටිය නිම්නයා ගාවට.හොඳ වෙලාවට ඒ වෙලාවෙ පහන්දි හිටියෙ උඩ තට්ටුවේ...
"කඩේ ගියෙ නෑ නෙතූ! ගංගා නැන්දලයෙ ගෙදර ගියේ"
ඌ එහෙම කියාගෙන ඇඳෙන් වාඩි වුනේ ලොකු හුස්මක් එකවැර පිට කරන්.නිම්නයත් ඒ කතාව අහලා කර කර හිටිය වැඩ පැත්තක දාලා උගෙ පැත්තට හැරුනෙ කැරකෙන පුටුව ඒ පැත්තට කරවකගෙන.
"උඹ එහෙ ගියාද? සයාශ් අයියලව හම්බුනාද? කොහෙද ඕෂධයා!? ආ??"
"නෑ බං... ගංගා නැන්දා සති දෙකක් නිවාඩුලු.."
"ඒත් එයා නොදන්නවා වෙන්න බෑනෙ! කොහෙද යකෝ මුං දෙන්නා ගියේ??"
"ග්‍රැනීලගෙ ගෙදර!"
"කවුද කීවෙ?? ගංගා නැන්දද?"
"කීවෙ නෑ.. හැබැයි කියපු දේවල්වල විදියට පොර යන්න ඕනි එහෙ විතරයි.උට යන්න වෙන නෑදෑ ගෙදරක් නෑ මෙහෙ!"
නිමේක්ෂ අයියා එක හුස්මට විස්තරේම කියලා දැම්මා.සයාශ් අයියා හිතුවට උට මේව තනියම විසඳගන්න පුළුවන් කියලා නිමේක්ෂ අයියා කොහොමටවත් උට තනියම මේවට කරගහන්න ඉඩ තියන්නෙ නෑ.මොකද කියනවනම් ඒක ඒ තරම් වටින යාලුකමක්.ඒක හින්දම තමයි ඌ අපි අතුරුදහන් වුන දවසෙ ඉඳන් මේ වෙනකල්ම අපි ඉන්න තැනක් හොයාගන්න මෙච්චර මහන්සි වුනේ.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️
Non-Fiction"Chrysanthemum කියන්නෙ හරි ලස්සන මලක්,ආත්ම ගානක් තිස්සෙ අපේ පස්සෙන් එන" "සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි අයියෙ..." "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" -Via Lectea AKA 'මණ්දාකිණි' -24.10.30