44.

118 12 69
                                    

ඒ ඩයරි එක හට්ට පරණ පාටයි.හැබැයි මට ඕනි වුනේ ඒක කියවලා බලන්න නෙවෙයි.මට දැනගන්න ඕනි වුනේ ඒක ඇත්තටම සයාශ් අයියා ගාව තියෙනවද නැත්තම් ඒක මං දැක්ක හීනෙ තියෙන එකක් විතරක්මද කියලා.මගෙ යටිපතුල්වලින් ලේ ගලනෝ හෝ ගාලා.එහෙමයි කියලා මට ඉදිකට්ටකට තරම්වත් හැඟීමක් දැනුනෙ නෑ ඒ වෙලාවෙ.

හැබැයි අර පොත අතට ගත්තට පස්සෙ මගෙ ඇස්වලින් වතුර ගලන ගානට කඳුළු වැටෙනවා.ඒ මොනදේ වුනත් සිද්ධ වෙන්නෙ මම නොදැනුවත්වමයි.නැත්තම් මට හැඟීමක් දැනීමක් නැතුව යයිද.දැන්නම් උදව් අවශ්‍යයි යකඩෝ.. ඉන්න තැනකින් වර නෙතෘ අයියේ! උඹ අද පරක්කු වුනොත් මං තව කොහෙ කොහෙ කපාගනීද දන්නෑ යකෝව්.

මං යටිපතුල්වලින් එන ලේ අත්වල ගාගෙන අර පොතේ පිටු හැම එකක්ම වගේ රතු පාට ලේවලින් පාට කරලා විනාස කරලා දැම්මා.ඇයි මං එහෙම කරන්නෙ? මොනවද ඒකෙ තිබුනෙ? මං දන්නෙ නෑ.මම නිකන් දැන් රූකඩයක් වගේ වෙලා.හැබැයි ඔය ටික වෙලා වැඩි වෙලාවක් යන්න කලින් ලොකු බොසා ගෙදර ආවා.ඌ ගෙට ගොඩ වුනේම උගෙ සදාදරණීය ඕෂධ මල්ලිව බලන්න අසීමාන්තික ආසාවකින් වුනත් සාලෙ තිබ්බ රතු පාට අඩිපාරවල් හින්දා පොරට ඒ වෙලාවෙ උන්හිටි තැන් අමතක වෙලා ගියා.

"WTF! Damn... ඕෂධ!!"

එලියෙ තිබ්බ සපත්තු රැක් එකට සපත්තු දෙකත් විසිකරලා එන ගමන් බෑග් එකත් සෝෆා එකට දාලා මේස් පිටින්ම පොර දුවගෙන ආවෙ කුස්සියට.එතන තිබ්බ ලේ ගොඩයි වීදුරු කටුයි දැකලා අරූගෙ හාටුව හැට පැනලම ගැහෙන්න පටන් අරන්.පොරගෙ කනිණිකා බෝල වෙලා නහර ඉලිප්පිලා නළලෙ දාඩිය බිංදු පිරිලා පොර හිටියෙ හොඳටම කලබලෙන්.අඩිපාර දිගේ උඩ තට්ටුවට ආව සයාශ් අයියා ඒ අඩිපාර නතර වෙලා තිබුනෙ තමන්ගෙම කාමරෙන් කියලා දැක්ක ගමන් ඌ දෙපාරක් නොහිතා දොරත් චකබ්ලාස් වෙන්න ඇරගෙන ඇතුළට ආවෙ පුදුම වේගෙකින්.

ඇරලා තිබ්බ වීදුරු ජනේලෙ ගාව හිටගෙන ජනෙලෙන් එලිය බලන් හිටියෙ මාව දැක්කම පොර එකතැන හිට්ටෙ එතන මහ ගොබ්බ නිහැඬියාවක් පිරිලා තිබුන මොහොතක.කෑගහපන් යකෝව්...ඇයි උඹ ගොළුවෙලා ඉන්නෙ.

"ඔ.. ඕෂි?" ගොතගැහෙන වචන එක්ක උගෙ කටහඬේ තිබ්බෙ පුදුම වේලුන ගතියක්.

මණ්දාකිණි | BL | Horror | Ongoing ⚠️️Where stories live. Discover now