-28-

13.7K 1.3K 878
                                        

"වඩේද? මැද හිල් වඩේද? එළවළු පැටිස්ද? බිත්තර පැටිස්ද?"

බුලාන් නොහොත් බුල්ලා සුපුරුදු රාජකාරියේ. උගේ වැඩේම කැන්ටින් එකට ආවම කන බොන එක ගැන විමසීමකට ලක් කරලා බහුතර මතයට හෙන ගහන්න කියලා උට ඕන දේ අරන් එන එක. එහෙව් ජාතියේ පකන අමෙක්..

අහ්... අපි උදෙන්‍ම කැන්ටිම වන්දනා කරන්න ආවානේ. කොහොමත් තුන්වරුවෙම අපි මෙතනට ඇවිත් වැදගන්න බලාගෙන ඉන්නේ. අදත් ඒ වගේ ලස්සන දවසක්.

"අම්මෝ අර!! නිවේදිත අයියගේ ලක බලකෝ"

මම එහෙම්ම පිටිපස්ස හැරිලා බැලුවා. පලාතම දිලිසෙනවා පෙරහැරක අලි යනවා වගේ.. සල බල ගානවා. වෙන මොකුත් නිසා නෙවේ අද අපේ ප්‍රිෆෙක්ට්ස්ලාගේ ලොකු ෆන්ෂන් එකක් තියනවනේ. ඉතින් හැමතැනම කෝට් දාගෙන බැජ් එල්ලගත්තු කොල්ලෝ පිරිලා. අලි යන පෙරහැර වයිබ් එකක් තියෙන්නේ.

ටික වෙලාවකින් අපේ අතට හම්බුන පැටිස් කකා අපි සෙට් එකම ස්කූල් එකේ තියන කලබලේ දිහා බලාගෙන හිටියා. ඔය අතරේ අපේ අයියත් එහෙන් මෙහෙන් යනවා දැක්කා. ඔය යකා අද මාව ගෙදර ඉදන් කෑවේ නැති ටික විතරයි පරක්කු කරන්න එපා කියලා.

හැබැයි අද ස්කූල් එකට එනකොට තමා ආතල්ම සීන් එක දැක්කේ. කෂ්මිර අයියයි දන්තජ අයියයි ට්‍රැක් කිට් එක ගහලා කෙහෙල් බඩයක් උස්සගෙන දුවන්න ගිහින් පාර මැද්දෙම තැරි ගැහුනා. පව් කියලත් හිතුනා. ඒත් හිනා ගියා..

ඒ අස්සේ යුපුන් අයියත් ෆයිල් වගයක් බදාගෙන හෙඩාගේ පස්සේම ගාට ගාට හිටියේ. පොර මාව දැකලා ලාවට හිනා වෙලා ආපහු අහක බලාගත්තා. මිනිහාගෙත් ලොකුකම වැඩී දැන්.

හිතන් ඇති ඊයේ මට සද්දයක් දැම්මම මම බය උනා කියලා. පුෆ්.. මම බය නෑ!!!

"අඩේ අර මැතිව් අයියා බලපංකෝ. උගේ මරු කඳ නේ?"

දහම්සිළුවා පෙන්නපු දිශාව ඔස්සේ මම ඔලුව හරවලා බැලුවා. ඔය ඉන්නේ නන්දිමිත්‍රයා. බැජ් වැලක් එල්ලගෙන දහයකට ගහන්න වගේ පිරිවර එක්ක ගම්මැද්දේ රජා වගේ. තවම ස්කුල් පටන් ගෙනවත් නැති උනාට පොරව දැක්කම අපේ උන් සින් සින් ගාලා මිසින් වෙන්නේ.

SURYAWARNA | COMPLETED ✔️Where stories live. Discover now