මෙහි එන සියල්ල මනඃකල්පිත වේ.
"දැන් එහෙනම් කියපන් බලන්න කොච්චර කල්ද මේකට ? "
"ඇයි?? ඇනවසරි එක සමරන්නද ? "
"අහ්...හා...උබ ඔය හදන්නෙ දෙයියො කෝප කරගන්න..."
ඉතින් වෙසක් බැලිලි පැත්තකට දාලා කට්ටිය එක්කම ආයෙ කෙලින්ම ආවෙ මනහරලගෙ ගෙදරට...ඇවිල්ල ඉතින් ලියාත්‍රටයි මනහරටයි නිදහසෙ ඉන්නද...කොල්ලො ටික අසරණයො දෙන්නව පුටුවක ගැටගහලා සුපුරුදු වැහි නැටුම් ටික නටන්න ගත්තා...ඉතින් ඔලුවෙ ඉදන් රෙද්දක් පොරවගෙන ඉදිය දෙනුවන් ලියාත්‍රගෙන් අහන්න උනෙ මනහරගෙයි එයාගෙයි සම්බන්දෙ ගැන කොට ලියාත්‍රනම් ඒවට උත්තර බදින එක වෙනුවට කරෙ මග හරින එක...
මනහරනම් අත පය ගැට ගහලා තියෙන විදියටම ඉදගෙන කාගෙවත් මුන නොබලා බිත්ති වලට රව රව උන්නෙ...
"සිහස්??? පොඩි එකා උබ...කතා කරපන්...මොන මන්තරේද මැතිරුවෙ මේකව අල්ලගන්න..."
මනහරටනම් ඒ ප්‍රශ්නෙට ආවෙ නක්කල් හිනාවක් කොට පාත් කරන් හිටිය ඔලුව උස්සලා දෙනුවන් දිහා බැලුවෙ ඇහි බැමකුත් උස්සලා...
"කොහොමත් දැලට හව් වෙලා හිටියෙ...තිබ්බෙ දැලෙන් ගලවගන්න විතරයි මට..."
ඉතින් මනහර නෝන්ඩියටම වගෙ එහෙම කිව්වම ලියාත්‍ර ඇස් දෙකත් රෝල් කරලා දෙනුවන් දිහා බැලුවා...දෙනුවන් උනත් හිටියෙ කට ඇද කරගෙන ලියාත්‍රට හිනා වෙලා වගෙ....
"ලියාත්‍ර උබ පොඩි එකෙක් ඉස්සරහා නෝන්ඩි වෙලානෙ..."
ඒ වෙලෙ නම් ලියාත්‍ර ඔලුව උස්සලා දෙනුවන් දිහා බැලුවා වගේම මොනා හරි කියන්න ගියත්...
"ආදරේදි කොහෙද ලැජ්ජාවක්..."
studio එකෙ මුල්ලකට වෙල සද්ද නොකර වෙන හැම දෙයක්ම බලාගෙන හිටිය රුමෙත් එහෙම කිව්වෙ ළග තිබ්බ හෙල්මට් එකත් අරගෙන කාගෙවත් මූණක්වත් නොබලා studio එකෙන් එළියට යන ගමන්...ඉතින් එ තප්පරෙන්ම රුමෙත් බයික් එකත් පන ගන්වලා එතනින් ගියා...
"අර මක්කද බන් උනෙ..."
රුමෙත් එක පාරට කිව්ව දේ කියලා යන්න ගිය දිහා බලාගෙන හිටිය තෙහස් එහෙම කිව්වා...
YOU ARE READING
එයිට් | Eight
Non-Fiction"යකො ලියාත්‍ර...මු නේද උබෙ ඇගෙ වැදීගෙන ගියෙ...යකො එ ඇමති පුතා බන්...අර සෝශල් මීඩියා වල පගර නැට්ටියො එහෙම කැලබිලා ඉන්න ඇමති පුතා හුත්තො...ආයිශ් උගෙ නම මතක් වෙන්නෙත් නැ..." "සිහස්..." "අන්න හරි ඌ තමයි...සිහස් මනහර වික්රමරත්න..."