අවසන් පෙම් තාලම

231 17 10
                                    

                                       "පොලීසිය ගාව බස් එක නවත්තන්න."

                                        මම කෑගැසුවෙමි.
මට ඉදිරියෙන් සිටි ඒ තිරිසනා පැනගන්නට පෙර ඔහුගේ ශර්ටයෙන් ඇද, මම ඔහු අසලට ගියෙමි.සෙනඟ තරමක් වැඩි බස් රථයේ බොහෝ වෙලාවක් සිටම මට ඉදිරියෙන් සිටි ගැහැනු ළමයාට හේත්තු වී ඇය අපහසුතාවයට පත් කරමින් මැදි වයසේ පිරිමියෙක් සිටියේ ය.ඔහුගේ ඒ නොහොබිනා හැසිරීම සාක්ශි ලෙස දුරකතනයේ පටිගත කරගත්තේ ඒ නිසාමය.

                                       "මොකද මිස් සද්දේ."

                                        කොන්දොස්තර ඉදිරියේ සිට කෑගැසුවේ ය.

                                       "අයියේ...ඉස්සරහ පොලීසිය ළඟ නවත්තන්න.මේ තිරිසනෙක් ඉඳන් නංගි කෙනෙක්ට කරදර කරනවා.
ගෑනු ළමයෙක් නේද? හැමවෙලේම තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න පුරුදු වෙන්න.
කටහවහන් හිටියොත් මරුවට තියේ."

                                       මම ඒ ගෑනු ළමයා දෙස බලා කීවෙමි.ඒ දෑස් බියෙන් තැති ගැන්වී තිබුණි.වේගය වැඩිකර පොලීසිය අසලට ළඟා වූ බස් රථයෙන් බැසගන්නා ලෙස කොන්දොස්තර කෑගසා පැවසුවේ ය.ඒ තිරිසනාද කෑගසමින් ඔහු කිසිවක් නොකර බව පැවසුවේ ය.තරුණිය බිය වූ වා මිස මා සමගින් පැමිණෙන්නට නොහැකි බව පවසා ආයාචනා කළා ය.

                                         "මිස්ලම ඕවා බේරගත්තනම් හොඳා අපිට ඕවාට මැදිහත් වෙන්න බෑ.හරී...අපි යමු එහෙනම්.."

                                          බස් රථය හුළඟක් මෙන් අප පසු කරගෙන ගියේ ය.මම ඔහු දෙස බැලුවේ රවාගෙනය.

                                          "මාව අතහරිනවා ඕයි.මොන කරුමයක් ද කඩන් පාත් වුණේ.
මං නෙමේ ඕයි ඒ ළමයට හේත්තුව දාන් හිටියේ.කියන එක තේරෙන්නෙ නැද්ද.
මෙච්චර මේ ඉවසන්නේ කෙල්ලෙක් හින්දා.
නැත්තන් දනී කරන දේ."

                                          "අනේ ඇත්තද?
කොල්ලෙක් කියලා හිතන්ද දන්නේ නෑ එහෙනම් ජැක් ගහන් හිටියේ.මං ළඟ සාක්ශිත් තියෙනවා තමුසෙගේ කෙරුවාවේ."

                                         "ආ එනවකෝ යන්න එහෙනම්.එකටම ඔය ශර්ට් එක අත අරිනවා.දෙයියනේ කියලා පලවෙනි දවසෙම වැඩට යන්න ගියා.එසේ මෙසේ කරුමයක් නෙමේ සෙට් වුණේ.එනවා ඉතින් යන්න.මමම ගිහින් ප්‍රශ්නේ විසඳලා එන්නම්කෝ."

පෙම් තාලම් || PEM THALAMWhere stories live. Discover now