දහවෙනි පෙම් තාලම

155 15 13
                                    

                                      "මං ඇවිත් ඉන්නේ.
පරිස්සමට උඩ තට්ටුවට එන්න."

                                       සිනෙත්ගෙන් ලැබුණු පණිවිඩය සයුරි හඬ නඟා කියවද්දි මම දුරකතනය ඇගෙන් සඟවා ගැනීමට වෙර දැරුවෙමි.නමුදු මම ගෙන තිබුණේ අසාර්තක උත්සහයකි.

                                       "හැංගුවට වැඩක් නෑ...මං දැක්කනේ.සිනෙත්නම් හරිම කියුට් අප්පා.කොල්ලා බය වෙන්න ඇති උබ පඩි පෙළෙන් අදත් කරනං ගහයිද දන්නේ නෑ කියලා."

                                       "උබටත් මාව ළඟ තියන් මඩවන්න තිබ්බොත් හොඳටම ඇති නේ.මං යනවා.රෑ වෙලා උබට කෝල් එකක් ගන්නම්කෝ.පරිස්සමට ගෙදර යන්න හොඳද?"

                                         සයුරි ද මට සමුදී ශනුලි සොයා යද්දි මම රූපලාවන්‍යාගාරයෙන් පිටතට පැමිණියෙමි.රූපලාවන්‍යාගාරයේ සිට ග්‍රෑන්ඩ් කොෆි ශොප් එකට ඇත්තේ මීටර් පන්සියයකට නොඅඩු දුරක් ය.මා එහි යන විටත් සිනෙත් සිටියේ ඉහළ මහලයේ ජනෙල් කවුළුවක් අසලට වීය.ජනෙල් කවුළුවෙන් පිටත බලමින් දුරකතන ඇමතුමක සිටි ඔහු මා පැමිණි බවක් දුටුවේ නැත.ඔහුට බාධා කිරීමට අවැසි නොවූ නිසාම මම මදක් කල් මරමින් සිටියෙමි.දුරකතන ඇමතුමේ සිටියදී
පිටු පස හැරුණු ඔහු මා දුටු සැනින් දුරකතන ඇමතුමට සමුදී මා වෙතට පැමිණියේ ය.

                                     "නෙතුලි...ගොඩක් වෙලාද ඇවිත්.ඇයි ළමයෝ මට කතා කරන්න එපැයි."

                                      "ඉම්පෝටන්ට් කෝල් එකක් ද දන්නේ නෑනේ. ඉතින් ඒක නිසා ඩිස්ටර්බ් කරන්න හිතුවේ නෑ."

                                      "එන්න,ඇවිත් වාඩිවෙන්න."

                                      "සිනෙත් අයිම් රියලි සොරි ඊයේ වෙච්ච දේට.මං හොයන්නේ බලන්නේ නැතුව ඔයාට කෑ ගැහැව්වා."

                                      "පලවෙනි පාර නෙමෙනේ ඉතින් මේ."

                                       එසේ පැවසූ ඔහු සිනහ සෙන්නට වූයේ මා ලැජ්ජාවෙන් රතු වෙද්දී ය.වේටර්වරියකගේ පැමිණීම හේතුවෙන් අපගේ කතාව මදකට නැවතුණි.පයිනැපල් ගැටෝ සමඟින් කැපචිනෝ දෙකකට ඇනවුම් ලබා ගත් ඈ ගිය පසු සිනෙත් මා වෙත හැරුණේ මුහුණ පුරා වූ මන්දස්මිතියක් ද සමගිනි.ඔහු සිනහ සෙන විට මාගේ හදවතට දැනෙන්නේ නමක් නොදන්නා හැගීමකි.

පෙම් තාලම් || PEM THALAMWhere stories live. Discover now