දාහතරවෙනි පෙම් තාලම

144 14 17
                                    

                                       "සිතුල් මොනවා කිව්වත් අවුල් ගන්න දෙයක් ද?අනිත් එක
සියුමිගෙයි නැන්දගෙයි හැටියට අර සිනෙත් වගේ කොල්ලෙක් අහු වුණානම් සොරිම තමා.උබලට නොකිව්වට සිතුලුත් ඒ ගැන හිතනවා ඇති."

                                       "එහෙමත් නෙමෙයි බං.මට මාර විදිහට අවුල් ගියා.ඇත්තටම කවදමහරි සිනෙත්ගෙයි මගෙයි අතර සම්බන්ධයක් ඇති වුණොත් මොනවා වෙයිද කියලා මට හිතාගන්න බෑ."

                                     "මුහුද හත්ගොව්වක් තියන් අමුඩ ගහන්නේ නැතුව හිටපන්කෝ ඇයි වදේ...හැමදාම ඔහොම්මමයි.මොකක්
හරි වෙන්න කලින් මනෝ පාරවල් ගහලා ඉවරයි."

                                     මම කල්පනාබරිතව සයුරිගේ අතක පැටලී ඉදිරියට ගමන් කරමින් සිටියෙමි.විවේකී දවස් දෙකකට පසුව සතිය ආරම්භ වූයේ මගේ මනසෙහි වූ සියලු ප්‍රශ්න සයුරි සමඟින් බෙදාගෙනය.
දහවල් ආහාරය වෙනුවෙන් කිසිත් නොගෙන පිටතින් ආහාර ගැනීමට අප කතිකා කරගත්තේ පෙරදා රාත්‍රියේ ය.අද උදේය පටන් වැඩි පාරිභෝගිකයන් පිරිසක් රූපලාවන්‍යාගාරයේ වූයේ නැත.කූඩුවෙන් නිදහස් වූ කිරිල්ලියන් මෙන් අපි තරමක් දුරින් පිහිටා තිබූ අවන්හල වෙත පිය නැගුවෙමු.මා මෙන්ම සයුරිද බියෙන් ගැස්සී ගියේ මෝටර් සයිකලයක මිනිසෙකු පැමිණ අපට ඉදිරියෙන් ගමන් කරමින් සිටි මහළු කාන්තාවකගේ බෙල්ලෙහි පැලදි රන් මාලයක් කැඩීමට වෙර දැරූ මොහොතේ ය.හදිසියෙන්ම ක්‍රියාත්මක වූ පරිදි සයුරිවද පසකට කොට මම ඇය බේරා ගැනීමට වෙර දැරුවෙමි.අවසානයේ මෝටර් සයිකලයෙන් පැමිණි තැනැත්තා එය පැහැරගෙන ගියේ ය.ඔහු පසුපස දිව ගිය මා නැවතී ගියේ මහළු කාන්තාවගේ වදන් සවන් වැකෙද්දීය.

                                  "ඔන්න ඕක අල්ලලා දාලා ඉන්න ළමයෝ.රත්තරන් නෙමේ හින්දා හොඳයි."

                                  ඈ මා පසු කොට යමින් සිටියා ය.මා වෙත දිව ආ සයුරි දෙතොල් සපාගෙන සිනහව වළකාගැනීමට වෙර දැරුවා ය.එසේ වළකා ගැනීමට නොහැකි වූ තැන දෙදෙනාගේම සිනහවන් පුපුරා ගියේ උන් හිටි තැන් අමතක වීය.

                                         "අඩේ මාර ආච්චියෙක්නේ ඕයි.තමුසේ මේ දිවියම කැප කරලා ඒ මනුස්සයගේ ජීවිතෙත් බේරලා චේන් එකත් බේරලා දෙන්න ගියා.කිසම දෙයක් නොවුණ ගානට ඇවිදන් යන හැටි.අනේ මන්දා ඕයි තමුසෙටත් පෙරලෙන්නේ ලේසි පහසු බාල්දි නෙමේ හොදේ..."

පෙම් තාලම් || PEM THALAMWhere stories live. Discover now