"උබට තිබුණේ හොඳවයින් දෙකක් කියලා එන්න.
බොරුවටනේ සද්ද නැතුව ඇවිත් තියෙන්නේ.""මොනා කියන්නද බං ඒවගේ මිනිස්සු එක්ක කතා කරන එකම කාලය අපතේ යැවීමක්.මං අම්මටනම් කතා කරලා කිව්වා.ඒ කිව්වට පස්සෙනම් හිතට ටිකක් සැනසීමයි."
කාර්යාල දින දර්ශක
පොත දෙස බලමින් මම පැවසුවෙමි.සයුරි මා අසලින් වාඩි වී සිනෙත් දුන් චොක්ලට්වල රස බලමින් සිටියේ ය."මං මේ කන ගමනුත් කල්පනා කරන්නේ වෙන චොක්ලට්වලට වඩා මේවා මෙච්චර රස ඇයි කියලා.සිනෙත් මොනාහරි ඇඩ් කරලා වගේ තේරෙන හැටියටනම්."
"මට හොඳට තේරෙනවා හොදේ තමුසෙගේ ඔය කතන්දරවල තේරුම්.කටවහගෙන කනවද?ඒ මනුස්සයගේ හිතේ ඉන්නවලු ගෑනු ළමයෙක්.ඉතින් උබ හිතනවද ඒ හිතට මට රිංගගත්ත හැකි කියලා."
"අනේ මේ මං තොත්ත බබෙක් නෙමේ හොඳේ.මටත් තේරෙනවා.රිංග ගන්න දෙයක් නෑ.
දැනටමත් රිංගන් ඉවරයි.කොල්ලගේ ඇස් උබ වටේ කැරකෙද්දි ඕනම අන්ධයෙක්ට උනත් පේනවා.""උබ වගේ අන්ධ මනුස්සයෙක්ට තමා ඉතින් පෙවුනොත්."
ඈ දිවද ඇඳ කර යන්නට ගියා ය.සයුරි,සිනෙත් ඈදා කරන්නා වූ පුංචි පුංචි විහිළුවලට මාගේ සිත කැමතිය.නමුදු මා නොදන්නා දෙයක් වේනම් සැබෑවටම සිනෙත් එවන් කතාවක් පැවසීමට හේතුව කුමක් ද යන්නය.ඔහු මා වෙත එවන්නා වූ පුංචි කෙටි පණිවිඩවලින් කුමක් පවසන්නේ ද?මා නිවසට දමා යන්නට පෙර ඔහුගේ සහෝදරිය විසින් ගෙනා චොකලට්වලින් පාර්සලයක් සාදා මා මතක් වූ බව පවසමින් දෙන්නට හේතුව කුමක් ද?
'එක අතකට මගේ හිතේ ආදරයක් තියෙනවා කියලා.
සිනෙතුත් මට ආදරේ කරන්න ඕනවැයි.විකාර'උඩු සිත මා අස්වසන්නට විය.දවසේ වැඩ කටයුතු අතර තුර වුව සිනෙත් මාගේ සිත තුළට ඒම වලකාගැනීමට මා ඒ වනවිටත් ප්රමාද වී සිටියෙමි.පාසල් කාලය තුළදී හිත තුළවූ ඒකපාර්ශ්වික ආදරයක් කාලයත් සමඟම වැලලී ගියා මට මතකය.ඔහු ඒ වන විටත් පෙමින් බැදී සිටින වගක් හෝ මා දැන සිටියේ නැත.එපමණක් නොව ඒ වග දැනගන්නා විට මා ද බොහෝ ප්රමාදය.ඔහු සිතින් පලවා හැරීමට නොහැකි තත්තයක මම සිටියෙමි.කාලයත් සමඟින් සුවපත් වූ ඒ හදට සිනෙත් ගොඩවන්නට වූයේ මටත් නොදැනීමය.

YOU ARE READING
පෙම් තාලම් || PEM THALAM
Любовные романы"කොල්ලාගේ ඇස් තිබ්බෙම උබ ළඟ!" "සියුමි අක්කා වගේ ලස්සන කෙල්ලෙක්ව රිජෙක්ට් කරපු කොල්ලෙක් මං වගේ කෙල්ලෙක්ට කැමති වෙයිද බං.පිස්සු කියවන්න එපා." "හරි මට මේක කියපන්කෝ.උබේ හිතේ සිනෙත්ට කැමැත්තක් නැතුව නෙමේනේ." සයුරිගෙන් සැඟවීමට තරම් දේවල් මා සතු නොවුණි.මම...