"අද මොකද ළමයෝ පරක්කු වුණේ?"
"අම්මා අද කලින් ඇවිල්ලනේ ඉතින්."
අම්මාගේ ප්රශ්නය මඟහැරීම වෙනුවෙන් මම ඇසුවෙමි.
"මොනාද ඔය?"
මිතුරියකගේ සහෝදරියක පිටරට සිට පැමිණිහෙයින් අප සියල්ලන්ටම චොකලට් ගෙනැවිත් දුන් බව පැවසූ මා වහාම මාගේ කාමරය වෙත පැමිණියෙමි.අම්මා මගහැරීමේ
උවමනාවක් තදින්ම දැනී තිබුණි.සිත තුළ අරක්ගත් වරදකාරී හැගීමක් එයට හේතු විය.සියුමි අක්කාගේ විවාහ යෝජනාව ප්රතිකේෂ්ප කළ තැනැත්තා සමඟින් මිත්රත්වයක් හෝ ගොඩ නඟා ගැනීම ඈ කිසි ලෙසකින්වත් බලපොරොත්තු නොවනු ඇත.එසේ තිබියදී ඔහු සමගින් එක මේසයක හිඳ ගැටෝ කේක් කෑල්ලක රස බලා පැමිණි බව පවසන්නේ කෙසේ ද?"Man gedara ava nethuli."
මාගේ කල්පනා ලෝකය බිඳ දමා මා මුව මත සිනහවකින් සැරසූවේ ඔහුගෙන් ලැබුණු කෙටි පණිවිඩයය.ඔහු කතා කරනවිට අසාගෙන සිටින්නට මගේ සිත ප්රියය.විටෙක එහි තැවරෙන්නාවූ ආඩම්බරකම් බලා සිටින්නට කැමතිය.මට ද නොදැනී ඔහු වෙනුවෙන් හැගීම් ගොන්නක් සිත තුළ ගොඩ නැගී ඇත්තේය.
රාත්රි ආහාරය සඳහා මව කතා කරන තුරුම මා සිටියේ සයුරි සමඟින් දුරකතන ඇමතුමේ ය.නිවසට පැමිණි පසු ඈ හට දැමූ පණිවිඩයට පිළිතුරු පණිවිඩයක් නොඑවා දුරකතන ඇමතුමක් දෙන්නට වූයේ වචනයකදු මඟ නොහැර විස්තර ඇසීමට ඇයට උවමනා වූ නිසා ය.
"මං දැන් තියනවා.ඔයිට වඩා දේවල් ඉතින් මට අතින් දාලා තමයි කියන්න වෙන්නේ.""හරි හරි...
තියපන්කෝ.ආ...නංගී මේ අපිත් ඉතින් ගෑනු ළමයිනේ චොක්ලට් එහෙම කනවා හොදේ.මතක් කරලා අරන් වරෙන්.පව් පුරෝගන්නේ නැතුව තනියම කාලා."සයුරි ඇමතුමට සමුදුන් පසු කෑම කාමරය වෙත ගියේ ඒ වන විටත් අම්මා මා එනතුරු බලා සිටි නිසාය.අපට එකට ආහාර ගන්නට තිබෙන්නා වූ දවස් බොහෝ අඩුය.ඇගේ රැකියාව තුළ ඈ කාර්යබහුලය.තාත්තා වෙනදාට වඩා අප ගැන දැන් සොයා බලන්නේ ය.මල්ලී සතියක කාලයක් නේවාසිකාගාරයේ සිටින බව පැවසූ විට මා හට ඔවුන් සමගින් සිටින්නට පැමිණෙන ලෙස පැවසුවේ ය.ආච්චි අම්මා ගැන සොයා බැලීම මගේ ජීවිතයේ ප්රධානම කොටසක් කරගත්තේ මාස කිහිපයකට පෙර ඈ අධි රුධිර පීඩනය වැඩි වී රෝහල් ගත කළ දින පටන් ය.එදින දැනුණා වූ මරණීය බිය අද වෙනතුරු මාගෙන් ඉවත් කරගැනීමට නොහැකි වුණි.

YOU ARE READING
පෙම් තාලම් || PEM THALAM
Romance"කොල්ලාගේ ඇස් තිබ්බෙම උබ ළඟ!" "සියුමි අක්කා වගේ ලස්සන කෙල්ලෙක්ව රිජෙක්ට් කරපු කොල්ලෙක් මං වගේ කෙල්ලෙක්ට කැමති වෙයිද බං.පිස්සු කියවන්න එපා." "හරි මට මේක කියපන්කෝ.උබේ හිතේ සිනෙත්ට කැමැත්තක් නැතුව නෙමේනේ." සයුරිගෙන් සැඟවීමට තරම් දේවල් මා සතු නොවුණි.මම...