part 24

44 7 27
                                    

"දැන් කොහොමද එයාට"

" බය වෙන්න දෙයක් නෑ උත්තමාවිය කුමරුගේ ආධ්‍යාත්මික ශක්තිය මතුවෙන්න පටන් අරන් මුල් ටිකේ පොඩ්ඩක් අමාරුවෙයි කුමරුට" රාජකීය වෙදදුරු රෝස පාටට හුරු හමක් තිබ්බ තරුනයගේ පරිස්සමට නාඩි බලලා බෙහෙත් කල්කයක් එතන හිටිය මැදි වයසේ ගැහුනු කෙනා අතට දීලා යන්න ගියා.......

" කොහොමද දැන් ආ....මේක බොන්න "

" ............"

" මුරණ්ඩු වෙන එකෙන් දේවල් අමාරුවෙන්නෙ ඔයාටමයි පුතේ මේක බොන්න " ඇදේ අයිනකින් ඉදගෙන බෙහෙත් එක්කම වතුර වීදුරුවක් ඒ තරුණයාට දික්කරපු ගැහැණු කෙනාට ලැබුනෙ ඒ කෙනාගෙන් බැරෑරුම් බැල්මක් වෙනකොට ඊට නොදැවනි බැල්මකින් ඒ දිහා බලපු කාන්තාව බලෙන්ම බෙහෙත් ටික පොවලා යන්න නැගිට්ටෙ මුරණ්ඩුකාරයගේ ඔලුවත් ටිකක් පිරිමැදලා
.
.
.
.
.
.
.
" යුහාන් දැන් කොච්චර දවසක් ඕක ඇතුලේ ඉන්නද කල්පනාව.....මේක මාර මගුලක්නේ මොකද උනේ තමුසෙට " යෝෂි යුහාන්ගේ කාම්බරේ දොරට ගහන ගමන් යුහාන්ට බනින්න ගත්තා.....යුහාන් නෙවේ කනකට ගන්නෙ දැන් පැයක් විතර යුහාන්ගේ දොරට ගගහා යෝෂි මේ කතා කරන්නෙ එයාලා ආවට පස්සෙ කාම්බරේට රිංගගත්ත යුහාන් ඊයේ රෑකෑමට කියා අද උදේවත් කෑම මේසෙට ආවේ නැති නිසා සිසිලින්ටයි යෝෂිලාටයි හොරෙන් ගිහින් ෆ්‍රිජ් එකේ කෑම උස්සන් ආව එක වෙනම කතාවක් කොහොමහරි දැන් හැමෝටම ඕනේ මේ උපවාසේ යෙදෙන කොල්ලව එලියට ගන්න ...

" ගෑණි මැරිච්ච එකා වගේ මොකද බන් ඇරපන් මේ දොර...."

"..........."

" උබ දැන් කාව මට්ටු කරන්නද ඔය අස්සට වෙලා ඉන්නෙ යසයි හාමතේ මැරුනම යුහා.......න්!!!! ආයේ කියන්නෑ මන් උබට" යෝෂි කෑගහනවා බලන් ඉන්න බැරිතැන කෙවීනුත් ඇවිත් යුහාන්ට කතා කරා

" යුහාන් මන් ආයේ කියන්නෑ අනේ බලන්නකො කෙවින් මේක මාර මගුලක්නේ "

" ඒකනේ ඒකනේ තව ටිකක් හයියෙන් කෑගහලා බනින්න " යෝෂිට කට කනේ දාගෙන හිනාවෙන ගමන් කෙවීන් කිව්වෙ සෙල්ලක්කාර විදිහට .... ආහ් යෝෂිට මුගේ කෝලන් බලන්න වෙලාවක් නෑ

" යුහා- "

" අයියෝ කෑගහන්න එපා යෝෂි එයාට මොකක්ද දන්නෑනෙ ප්‍රශ්නේ " ලිතූ ඒ අස්සෙ යෝෂිට කෑගහනවා

The Death Oath Where stories live. Discover now