💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫
තව දෙන්නෙක් මේ වගේ බලාපොරොත්තුවක් තබාගෙන හිටියා. ඒ බලාපොරොත්තු ඉටු වෙයිද?
Time 10:30p.m
මං සෑහෙන්න වෙලාවක ඉදලා සිංදුවක් ලියන්න උත්සහ කරන්නේ, ඒත් මට තාම ඒටික හරියට ලියාගන්න බැරිවුණා. මොනා වෙලාද මන්දා මටත්, මට උදවු කරන කෙනා හොදට නිදි.
"මේක හරි යන්නේ නෑ "මං ලියන එක නතර කරලා ජනේලේ ගාවින් වාඩිවුණා. එතෙනට හරි ලස්සනට නගරේ පේනවා. බලන්න ආස හිතෙන දර්ශනයක්. මේ ලස්සන බලන්න ගෙදර අයත්ලග හිටියනම් මං තනියෙන් කල්පනා කලා.අරයට නම් ගානක්වත් නෑ, දැනටමත් මුණ මේසේ උඩ තියාගෙන නිදි. මං නැගිටලා ඇදට ගියා.
"ඒයි නැගිටිනවා "උදේ පාන්දර saku මගේ කන ලග කෑගහන්න පටන් ගත්තා.
"මොකද වදේ බෙරිහන්දෙන්නේ "මං නිදිමතේ ඇහුවා.
"මොකද තමයි, මට නිකමටවත් කතා කලේ නෑ නිදාගන්න යනකොට "saku තරහෙන් පුපුර පුපුර කිව්වා.
"ඉතිං ඔයා නිදාගෙන නෙවෙයිද හිටියේ "මං හිනාව තද කරගෙන ඇහුවා. නැත්නම් මට උදේ පාන්දර ගුටි කන්නයි වෙන්නේ.
"නිදාගෙන තමයි හිටියේ "ඒපාර හොදටම තරහා ගිහිල්ලා.
"එහෙනම් ඇයි මෙතන මට ගොරවන්නේ, ඔයා හොදට නිදාගෙන හිටියා නිසා මං ඇහැරෙව්වේ නෑ, ඇයි ඔයා බිමට වැටුනද "මං මුකුත් නොදන්න ගානට ඇහුවා.
"බිමට "saku හයියෙන් කිව්වා.
"බිමට වැටෙන්න මං ඇදේ නිදාගන්න එපැයි "
"අනේ.. ඔයා ඇදේ නෙවෙයිද හිටියේ "මං ටිකිරි හිනාවක් දාලා ඇහුවා.
"තමුන්ට තිබ්බා මට කතා කරලා කියන්න. එහෙනම් මං මෙතන බෙල්ලත් උලුක් කරගෙන නිදා ගන්නේ නෑ. "Saku මහ සද්දෙන් ඒක කියලා bathroom එකට ගියා.
ඔයින් ගියා මදැයි අතක්පයක් නොකැඩි. "අපොයි මේ කෙල්ලව කවදාවත් තේරුම් ගන්න බෑනේ "මං මටම කියාගත්තා.
කොහොමහරි මෙයාව යාලු කරගන්න ඕනේ නැත්නම් මට තමයි පාඩු.
දවල්වෙලා කොහොමහරි සකුව යාලු කරගත්තා. මං දන්නවා saku පොඩි දේටත් ඉක්මනට තරහා ගන්න බව. කොහොමහරි ඉතිං උනේ වැරැද්ද මගේ පිට පැටවුන එක විතරයි.