2 | Ex?

596 137 23
                                    


" හහ්!?

ඌ අපි හිතුවට වඩා දක්ෂයි වගේ. "

යුන්ගිගෙ පුදුමයට පත් කටහඬ අඳුර අතරින් ජන්කුක්ට ඇහුනා.

ජන්කුක්, " යුන්ගි හ්යොන්ග්.. "

යුන්ගි, " ම්... "

ජන්කුක්, " ඔයාට පුලුවන් නේද එයා එහාට මෙහාට යද්දි වාතය වෙනස් වෙන විදියට අවධානය යොමු කලොත්, එයා ඉන්න තැන හොයාගන්න? "

ඒ වෙද්දි යුන්ගි තමන්ගෙ හැකියාවන්, කම්පන හඳුනගන්න පුලුවන් තරමට දියුණු කරගෙනයි තිබ්බෙ. පොලොව හරහා එන තරංග විතරක් නෙවෙයි වාතය හරහා එන තරංගත් අඳුනගන්න එයා පුහුණු වෙමිනුයි හිටියෙ.

යුන්ගි, " මං හිතන්නෙ පුලුවන් වෙයි. "

ජන්කුක්, " හරි එහෙනම් ඔයා මට එයා ඉන්න පැත්ත හොයලා දෙන්න. ඉතුරු ටික මං බලාගන්නම් ඒකත් එක්ක. "

ජන්කුක් දොර තියනව කියලා අනුමාන කරපු පැත්තට ගිහින්, අඳුරේම අතපත ගාලා දොර ඇරගෙන ඇතුලට ගියා.

යුන්ගිත් ඒ හඬ අනුව යමින් ඇතුලට ගියා.

අත්ඇරලා දාපු බඩු ගබඩාවක් වගේ ස්වභාවයක් ගත්ත, ඒක ඇතුලෙ ඒ වෙලාවෙ තිබුනෙ තිබුනෙ ඇල්පෙනිත්තක් වැටුනත් ඇහෙන තරම් නිහැඬියාවක්.

ඒ හොරා කෙතරම් සූක්ෂමද කියනවා නම්, එයාට දෙපාරක්ම ජන්කුක්ගෙයි යුන්ගිගෙයි අත ලඟටම ඇවිත් බේරිලා යන්න පුළුවන් වුනා.

ඒ හොරා අභියෝග කලේ වෙන මොකකටවත් නෙවෙයි යුන්කුක් දෙන්නගෙ හැකියාවට.

මේ පාර නම් ඌට කිසිම ගැලවීමක් නෑ.

මේ ආතක් පාතක් නැති පුංචි හොරෙක්ට පරදින්න එයාල ලෑස්ති නෑ.

ඒ නිසාම මේ පාර ලැබුන අවස්ථාව කීයටවත් මග ඇරගන්නට ජන්කුක්ත් යුන්ගිත් කැමති වුනේ නෑ.

එයාලා දෙන්නම විමසිලිමත්ව වටපිටාව ගැන අවධානය යොමු කලා.

තවමත් මුළු පරිසරයම නිහඬයි.

" ජන්කුක්, ඔයාගෙ පිටිපස්සෙ! "

යුන්ගිගෙ හඬ ඇහෙනවත් එක්කම, සැනකින් ක්‍රියාත්මක වුන ජන්කුක් පිටිපස්ස හැරිලා හොරාව අල්ලාගත්තා.

YOU AND MEWhere stories live. Discover now