4 | My Miracle

514 128 7
                                    

ජන්කුක් සද්දයක් එන්නෙ නැති වෙන්න හිමිහිට දොර ඇරගෙන කාමරේට ආවා.

ඒ දවස් ටිකේම තිබ්බ වැඩ කන්දරාව හින්දා එයාට හැමදාම ගෙදර එන්න වුනේ රෑ වෙලා.

ඇත්තටම කිව්වොත් බිස්නස් වැඩම නෙවෙයි, එයාව මේ තරම් කාර්යබහුල කලේ. සංවිධානයේ වැඩ තමයි වැඩියම වැඩි වෙලා තිබ්බෙ. බිස්නස් නම් කාව හරි දම්මලා කරවන්න පුලුවන්, ඒත් ඉතින් ජුන් හ්යොන්ග් සංවිධානෙ මොකක් හරි වැඩකට කතා කලාම මග අරින්න පුලුවන්යැ.

මේ දවස්වල එයාලා වැදගත් මෙහෙයුමකට සම්බන්ධ වෙලා ඉන්නෙ ඇත්තටම. මේ ගැන දන්නෙ නම්ජුන්යි, ජන්කුක්යි, යුන්ගියි, හෝබියි විතරයි.

හැමෝගෙම ආරක්ෂාව රඳාපවතින මෙහෙයුමක් නිසා, ඒක රහසිගතව කරගෙන යන්න එයාලා තීරණය කලා. අඩුගානෙ තමන්ගෙ ආදරවන්තයන්ටවත් ඒ ගැන එයාලා වචනයක්වත් කිව්වෙ නෑ. ඇත්තටම ඒ එයාලගෙ ආරක්ෂාවටත් තර්ජනයක් එයි කියලයි.

කොහොම හරි ඉතින් ඔය වැඩ ඉවර වෙලා එයා එනකොට හුඟක් දවසට ටේට නින්ද ගිහින්. චුට්ටත් නිදි.

ටේ පුංචි පැටියව තමන්ගෙ දෑත් අතරෙ ගුලි කරගෙන වකුටු වෙලා නිදාගෙන හිටිය විදිහ දැක්කම කුක්ගෙ හදවත ආදරෙන් දියවෙලා ගියා.

එයා තමන්ගෙ ආදරනීය පුංචි පවුල හිටිය ඇඳ ලඟට තවත් ලංවුනා.

ඉස්සර කොට්ටයක් හරි ටෙඩියෙක් හරි එහෙම නැත්තන් තමන්ව හරි මැදි කරන් හිටිය දෑත් අතරෙ, දැන් පුංචි සිඟිත්තෙක් ගුලි වෙලා.

ජන්කුක්ට දැනුනෙ හරියට සුන්දර හීනයක් ඇතුලෙ ඉන්නවා වගෙයි.

ඇත්තටම මේ හැමදෙයක්ම පුදුමයක්!

පුංචිත්තා හරියට ටේගෙ පුංචි පරිමාණයේ නිරූපණයක් වගේ. අනිත් අයට කොහොම වුනත් ජන්කුක්ට නම් හිතුනෙ එහෙමයි.

ටේගෙ ඇස්, ඇහිබැම, නහය හැමදෙයක්ම ඒ විදියටම පොඩ්ඩාට ඇවිල්ලා වගෙයි ජන්කුක්ට දැනුනෙ.

පුංචි කිරිකැටියව දකින ඕනකෙනෙක්, දැක්ක ගමන් කිව්වෙ එයා ටේ වගේමයි කියලා.

හැබැයි ඉතින් ටේට නම් පොඩ්ඩා කුකි වගෙයිලු. ටේ කියන්නෙ පොඩිත්තාට තියෙන්නෙ කුකිගෙ හිනාවමලු. දත් ආවම බලාගන්න බැරියැ ඒ බනී හිනාවමද පොඩ්ඩටත් තියෙන්නෙ කියලා.

YOU AND MEWhere stories live. Discover now