11 | Annoying

371 95 8
                                    

" කුකි ඔයා හැමවෙලාවෙම මතක තියාගන්න, මේ වෙලාවෙ ටේව ආයෙමත් ජොබ් එකට දාලා ගෙදරින් එලියට ගත්තෙ ගොඩක් අවදානම් වෙලාවක කියලා. එයාගෙ ආරක්ෂාව ගැන සම්පූර්ණ විශ්වාසය ඔයා මත තියලයි මං මේකට ඉඩදුන්නෙ. "

නම්ජුන් එහෙම කියනකොට ජන්කුක් ඒක පිලිගත්ත බව අඟවන්න හිස සැලුවා.

" මේක සැහැල්ලුවෙන් හිතන්න දෙයක් නෙමෙයි කුකි.. අපි අතරින් දැන් දිනපතා වගේ එලියට යන්නෙ ඔයයි ටේයි විතරයි. අපිට තර්ජනයක් තියන බව දැනගත්ත දවසෙ ඉඳලා අනිත් අය වැඩිය එලියට යන්නෙ නෑනෙ.

ඒ වගේම ටේ කියලා කියන්නෙ නිතර මාධ්‍යයට නිරාවරණය වෙන කෙනෙක්. ඒ නිසා ඕනම කෙනෙක්ට එයා යන එන තැන් හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඔයාට තේරෙනවනෙ මං කියන එක? "

නම්ජුන් ආයෙමත් අවධාරණයෙන් කිව්වෙ, ජන්කුක්ට තත්වෙ බරපතලකම ගැන වැඩි වැඩියෙන් පෙන්නලා දෙන්නයි.

" මං දන්නවා හ්යොන්ග්. මං කලින් වගේ ආයෙ පාරක් කාටවත් ටේව පැහැරගන්න ඉඩතියන්නෙ නෑ. "

ජන්කුක් කිව්වෙ ස්ථිරසාර හඬකින්, හරියට එයාටම පොරොන්දු වෙනවා වගේ.

එයාලා හිටියෙ නම්ජුන්ගෙ කාර්යාල කාමරෙන් ඇතුලට විහිදුන රහස් කාමරේක. ඒ කාමරේට මේ වෙනකන් ඇවිත් තිබුනෙ දැන් එයාලගෙ මේ සාකච්ඡාවට එකතු වෙලා ඉන්න හතරදෙනා විතරයි.

ඒ කියන්නෙ නම්ජුන්, යුන්ගි, හෝබි සහ ජන්කුක්.

ජිනුත් මේ කාමරේ ගැන දැනන් හිටියත්, ඒකට එන්නවත්, ඒ ඇතුලෙ හැංගුන රහස් ගැන හොයන්නවත් කරදර වුනේ නෑ. ඒ ඇරුනම වෙන කවුරුවත් මේ තැන ගැන දැනන් හිටියෙ නෑ.

මීට දවස් දෙකකට කලින් අනවසරෙන් ගෙට කඩාවැදුනු කෙනාත් මේ ගැන දැනගන්නට නැතුව ඇති කියලා එයාලා විශ්වාස කලා. මොකද ඒ කාමරේට තිබුනෙ ගෙදරින් වෙන්ව තිබුන වෙනම ආරක්ෂක පද්ධතියක්.

" හරි එහෙනම් අපි කරන්න ආව වැඩේ පටන් ගමු. "

නම්ජුන් එහෙම කියද්දි, යුන්ගි එයා ගෙනත් තිබ්බ ෆයිල් එක මේසෙ උඩින් තියලා කතාව පටන් ගත්තා.

YOU AND MEWhere stories live. Discover now