ටේ ඇඳෙන් නැගිටලා වටපිට බැලුවෙ, ඇඳ හිස් මොකද කියලා.
කවදාවත් නැතුව ටේට අද කලින්ම නැගිටුනා, එයාගෙ හිතට මොකක්දෝ අනතුරක් ඉව වැටිලා වගෙයි නැගිටවුනේ.
ඒ හින්දම කුකී පේන්න නැති එක එයාගෙ හිත තවත් කලබල කලා. තාම කුකි වැඩට යන වෙලාව ඇවිල්ලා නැති වුනත් පුදුමෙකට වගේ අද එයා පේන්න හිටියෙ නෑ.
ඇඳෙන් නැගිටලා තොටිල්ල ලඟට ගිය, ටේට ඒකත් හිස් කියලා දැක්කම තවත් බය හිතුනා.
' දෙවියනේ! එයාලට මොකක් හරි අනතුරක්ද? '
ටේ හිටිතැනම ගල්වුනේ එකපාරටම කරන්න දෙයක් හිතාගන්න බැරුව.
කුකීටයි බබාටයි වෙන්න පුලුවන් හැම නරක දෙයක්ම එයාට මැවිලා පෙනුනා.
" නෑ. එයාලට මොකුත් වෙලා නැතුව ඇති.
මං මේ බොරුවට කලබල වෙලා ඉන්නෙ.
කුකි බබාට කිරි එක දෙන්න කුස්සියට ගිහින් ඇති.
ඔව් මං බොරුවටනෙ මේ බය වෙලා දඟලන්නෙ. "
ටේ තමන්ටම කියාගනිමින් කුස්සිය දිහාට දිව්ව විදිහ කවුරුහරි දැක්කා නම් හිතයි එයාට පිස්සු හැදෙන්න එනවයි කියලා.
ඒත් ඒ මොනව කියාගත්තත්, ටේට නම් හිතෙන්නෙම මොකක් හරි නරක දෙයක් වෙලා කියලමයි.
එයා කඩාගෙන බිඳගෙන කුස්සියට ඇතුල් වෙද්දි, උදේ කෑම හදමින් හිටිය ජින්ව උඩගියා.
" හ්යොන්ග් ඔයා කුකිවයි බබාවයි දැක්කද? එයාලා කොහෙවත් පේන්න නෑනෙ. "
ටේ ඇහුවෙ කලබලෙන් වටපිට බලන ගමන්.
" එ- "
ජින් කතා කරන්න හදනකොටම කුස්සියට ආව නම්ජුන්ගෙන් කතාවට බාධාවක් වුනා.
" කුකී ටිකක් ඇවිදලා එන්න ගියා බබාවත් එක්කගෙන. ඔයාට පොඩ්ඩා රෑට ඇහැරෙන හින්දා හැමදාම හරියට නිදාගන්න බැරි වෙනවනෙ. ඒ නිසයි එයා ඔයාව නැගිට්ටවන්නෙ නැතුව තව ටිකක් නිදාගන්න ඉඩදීලා ගියෙ. "
නම්ජුන් සැහැල්ලුවෙන් කියපු විදියට ටේගෙ හිතට පුංචි අස්වැසිල්ලක් ලැබුනත්, හරියටම සහනයක් දැනෙන්න නම් කුකියි බබායි එයාගෙ ඇස් දෙකෙන්ම දකින්න ඕනෙ.
YOU ARE READING
YOU AND ME
Science FictionYou & Me; another journey of life •language: Sinhala •status: Completed ___________________________________________ This is the second book of " YOU'RE MINE." Hope you will love this book too. This is also a KookV fan fic. And also contents yoonmin...