18 | Drugged?

273 84 6
                                    

ජන්කුක් තමන් වැටිලා හිටිය තැනින් නැගිටින්න උත්සාහ කලා.

ඇඟපුරා විහිදුන දරුණු වේදනාවන් එක්ක එයා නැගිටින්න උත්සාහ කලා, වේදනාව නිසා වෙව්ලන දෙපාවලට වීරිය ගනිමින්.

ඒත්..

ආයෙමත් එයාව පොලොවටම ඇද වැටුනා.

ඉස්සෙල්ලා තිබුන අමිහිරි වේදනාවන් අතරට දැන් එයාට තවත් වේදනාවක් ඇතිවෙලා වගේ...

වැටුන විදිහටම ඔලුවත් බිම ඇනගෙනම ටික වෙලාවක් ඒ විදියටම හිටිය ජන්කුක්, ලොකු හුස්මක් හෙලලා ඔලුව ඉස්සුවා.

' මට මේ විදියට ඉන්න වෙලාවක් නෑ.. මං කොහොම හරි නැගිටින්න ඕනෙ' කියලා තමන්ටම කියාගන්නවා වගේ.

එයා තමන්ගෙ යටි තොලත් හපාගෙන නැගිටින්න උත්සාහ කලා.

දෑතම බිමට තියලා හයිය ගත්ත එයා, විනාඩි කීපයක උත්සහයකින් පස්සෙ කොහොම හරි හිටගන්න සමත් වුනා.

එයා ගියෙ ලඟ තිබුන පුංචි මේසෙ ලඟට.

මේසෙ ලඟට ගාට ගාට ගිය එයා මේසෙ ලඟ නැවතුනා.

එයාගෙ නලලින් දාඩිය බේරෙනවා. වේදනාවන් එක්ක පැය ගානක් සටන් කරලමද කොහෙද එයාගෙ දාඩියෙන් තෙත් වුන, රත්පැහැ වුන මූන වේදනාවෙන් බෙරි වෙලා.

එයාගෙ පපුව වේගයෙන් ඉහල පහල ගියෙ, අපහසුවෙන් හුස්ම අල්ලන බවක් කියාපාමින්.

රතු වුන දෑසත්, එකිනෙක තද වුන හකුත්,  නලලේ ඉලිප්පුනු නහරත් එයා මොනතරම් වේදනාවක් එක්ක සටන් කරනවද කියලා කියාපෑවා. 

හොඳට බලන කෙනෙක්ට නම්, වේදනාවන් නිසාම එයාගෙ අත් දෙක වෙව්ලන බවත් පේනවා.

කොයිවෙලාවෙ හරි උත්සහය අතාරින්න බලන් ඉන්න, සැලෙන වෙව්ලන කකුල් දෙක නම් ඒ වෙලාවෙ ජන්කුක් දිහා බලපු ඕනකෙනෙක්ට දැකගන්න පුලුවන්.

එයා සමබරතාවය රැකගන්න උත්සාහ කරමින්, දකුණු අත මේසෙ මත තියලා මේසෙට නැමුනා.

වෙව්ලන හුස්මක් පිට කරමින් තමන්ගෙ සිරුර ස්ථාවර කරගත්ත එයාගෙ නිදහස් අත ඊලඟ මොහොතෙ ගමන් කලේ, මේසෙ උඩ තිබ්බ පලතුරු කපන පිහියට.

YOU AND MEWhere stories live. Discover now