0 |Prologue

1.8K 165 29
                                    

" ජුනී.. කට්ටියට එන්න කියන්නකො කෑම කන්න.. "

කුස්සියෙ ඉඳලා ජින් කෑගහපු සද්දෙට ගේ ඇතුලෙ හිටපු කොල්ලො ටික විතරක් නෙවෙයි මැරිච්ච මිනිස්සුත් ඇහැරිලා එයි.

නම්ජුන්ට ආයෙ කතා කරන්න දෙයක් තිබ්බෙ නෑ කාමරවල හිටපු කට්ටියව ගෙන්නගන්න, එයාලා ඒ වෙනකොටත් කාමරවල දොරවල් ඇරන් එලියට ආවා.

ඉස්සෙල්ලම එලියට ආවෙ යුන්මින් දෙන්නා. ජිමින්ගෙ හොඳටම ඇවිස්සුන නිදන ඇඳුමත්, තද රතු පැහැ වුන තොල් දෙකත්, යුන්ගිගෙ අමනාපයෙන් ඇකිලුන මූනත් දැක්කම එයාලා උදෙන්ම කර කර හිටිය වැදගත් වැඩකට ජින් බාධා කරපු බව ඒ වෙනකොටත් සාලෙට ඇවිත් හිටිය නම්ජුන්, හෝබි දෙන්නට තේරුනා.

" ගුඩ් මෝනින් හ්යොන්ග් "

ජිමින් නම්ජුන්ට එහා පැත්තෙ තිබුන සෝෆාවට අයිති තනි පුටුවෙන් ඉඳගත්තෙ යුන්ගිගෙ දෑස් මග අරිමින්.

ඒත් ඇසිපිය නොහෙලා තමන් දිහා බලන් හිටිය යුන්ගිගෙ දෑස් එයාට අහම්බෙන් මුන ගැහෙනකොට,එයාගෙ කම්මුල් ලැජ්ජාවෙන් රෝස පාට වුනා.

" අහෙම්.. "

හෝබි දෙන්නට බාධා කරමින් කැස්සෙ අපිත් මෙතන ඉන්නවා කියන්න වගේ.

තමන්ව අහුවුන බව දැකපු ජිමින් ලැජ්ජාවෙන් බිම බලාගත්තා.

එයාගෙ වාසනාවට ඒ එක්කම බකල ගගහා සාලෙට ආව ටේ නිසා, කට්ටියගෙ අවධානය එයා වෙත යොමු වුනා.

" දෙවියනේ ටේ.. ඔයාලගෙ හනිමූන් එක ඉවර වෙන්නෙ කවද්ද? දැන් ඔයාලගෙ වෙඩින් එක ඉවර වෙලා මාසෙකටත් වැඩියි. තාමත් ඔයා කෙලින් ඇවිදගෙන එන එක උදයක්වත් මං දැක්කෙ නෑ.

කොහෙද මේ ජන්කුකා? මගෙ පුංචි මල්ලිට මේකා මොකක්ද මේ කරන්න හදන්නෙ.. "

කුස්සියෙ ඉඳලා සාලෙට ආව ජින් කියවන්න ගත්තා.

" බැරිවෙලා හරි ටේට ප්‍රෙග්නන්ට් වෙන්න පුලුවන් වුනා නම් මේ වෙද්දි අපිට නර්සරි එකක් දාගන්න තිබුනා. "

ජිමින් තමන්ගෙ නිවුන් සහෝදරයට ඇද කලා.

" එයා තාම නිදි හ්යොන්ග්.. "

YOU AND MEWhere stories live. Discover now