" ඩඩා "
" ... "
" ඩැඩා "
" ... "
" ඩැඩී.. "
" ... "
" අප්පා... "
" ... "
" චුන් ජන්කුක්! "
මෙච්චර වෙලාවක් පොඩ්ඩගෙ ඇමතීමට උත්තර දුන්නෙ නැති ජන්කුක් ඔලුව ගැලවිලා යන තරම් වේගෙන් හරවලා පොඩ්ඩා දිහා බැලුවා, හරියට නම කියාගන්නවත් බැරුව තමන්ට නම කියලා කතා කරලා අවධානෙ ගන්න හදන පොඩ්ඩා දිහා.
" ?මොකක්?! "
ජන්කුක් ටිකක් සැරෙන් වගේ ඇහුවත්, අහිංසක මූනක් මවාගෙන එයා දිහා බලපු පොඩ්ඩව අඬවන්න තරම් සැර කරන්න එයාට හිත් දුන්නෙ නෑ.
ටේගෙ වගේම තරු කැට වගේ බබලන දෑස්වලින් ජන්කුක් දිහා බලන් හිටිය, මේ පුංචි දඟකාරයත් ඉතින් ටේගෙම කපාපු පලුවනෙ. අහිංසකකම බේරෙන ඒ ඇස් අතරෙ, තිබ්බ දඟකාර හිනාවත් ජන්කුක්ට දැකගන්න පුලවන් වුනත්, පොඩ්ඩට සැර කරන්න හිත හදාගන්න ජන්කුක්ට පුලුවන් වුනේ නෑ.
ටිකකට කලින් ඩැඩාට නම කියලම කෑගහලා කතා කලේ නැති ගානට, එයා මේ ඩැඩාට අහිංසක හිනාවක් දාගෙන බලන් ඉන්නෙ එයාගෙන් මොකක්ම හරි දෙයක් කරවගන්න කියලා ජන්කුක් දන්නවා.
ඒත් ඉතින් ඒ හුරතල් ඇස් දෙක දිහා බලාගෙන තත්පරේකටවත් එයාව ප්‍රතික්ෂේප කරන්නෙ කොහොමද...
" හ්ම්ම්හ්... "
හුස්මක් පිටකරමින්, ජන්කුක් ලැප්ටොප් එක වහලා දාලා දඟයා දිහාට හැරුනා.
" මොකක්ද දැන් මගෙ සුපර් මෑන්ට ඕනෙ කරලා තියෙන්නෙ? "
දඟයගෙ බෙල්ලෙ ගැටගහලා තිබ්බ මේස රෙද්ද, එහෙම නැත්තන් පොඩ්ඩගෙ වචනෙන් කියනවා නම් 'සුපර් මෑන් සාලුව ' දිහා බලන ගමන්, ජන්කුක් ඇහුවෙ එයා ලඟට පහත් වෙමින්.
YOU ARE READING
YOU AND ME
Science FictionYou & Me; another journey of life •language: Sinhala •status: Completed ___________________________________________ This is the second book of " YOU'RE MINE." Hope you will love this book too. This is also a KookV fan fic. And also contents yoonmin...