24 | Precious

231 76 10
                                    

" වාහ් කට්ටිය ඇහැරිලා වගේ.. අද ලස්සන දවසක් නේද... උඹලා වගේ උන් ටිකක් අද දවසෙ මැරිලා යන හින්දා අද දවස තවත් ලස්සන වෙයි... "

හ්යුන්වූගෙ උන්මන්තක හිනාවත් එක්ක නැගුන ගොරහැඬි කටහඬ කුටිය පුරා දෙදරුම් දුන්නා.

ඔහුගේ අනුගාමික රැලත් ඔහුව අනුකරණය කරමින් ඒ අමන හිනාවට එකතුවුනා.

ඔවුන් දිහා බලපු නම්ජුන් ඇතුලු කොල්ලො හයදෙනාට නම්, ඔවුන් ගැන ඇතිවුනේ පිළිකුලක්. 

" හහ්! ඒක ඇත්ත.. කවදාවත් මේ ලෝකෙ ඉපදෙන්න ඕනෙ නැති උන් ටිකක්, අද මේ ලෝකෙන් සදහටම තුරන් වෙලා යන හින්දා අද ලස්සන දවසක් වෙයි. "

ටේ පෙරලා ඔවුන් වෙතම කිව්වෙ සමච්චල් සහගත හඬකින්.

එයාට ඕනවුනේ නපුරාව එයා ලඟට ගෙන්නගන්න. එතකොට එයාලගෙ සැලසුමට ලේසියිනෙ.

නොදැනුවත්වම හරි ටේ ඒ කියපු වාක්‍යයේ හ්යුන්ග්වූ අහන්න අකැමැතිම වචන පෙල ගැබ්වෙලා තිබුනා.

'කවදාවත් ඉපදෙන්න ඕනෙ නැති එකෙක් '
ඔය වචන පෙල තමා ජන්ග්වූ පුංචි හ්යුන්ග්වූව හිරගත කරන වෙලාවෙදි අන්තිමට කිව්වෙ.

ඒ නිසාම ඔහු ඒ වචනවලට තමන්ගෙ උපරිමයෙන්ම වෛර කලා.

ඔහුගෙ දෑස්වල ඒ වෛරය පිරෙන්න ගත්තෙ, ඔවුන් බලාගෙන ඉන්නකොටමයි.

ඒත් අවාසනාවකට වගේ, ටේගෙ උත්සාහය සාර්ථක වේගෙන එනකොටම ටේගෙ මූන හරහා වැදුන සපත්තු පහරකින්, ටේව බිමටම නැමුනා.

එයා ඒ පහරත් එක්ක තාමත් තමන්ව ගැටගහලා ඉන්න බව පෙන්නන් ඉන්න සමත් වුනෙත් ආයාසයෙන්.

" හහ් ජීහුන් උඹට මුන්ගෙ කටු කාලා හොඳට පුරුදුයි වගේ.. ඒකනෙ උන් ගැන නරකක් කියද්දි ඔච්චර රිදෙන්නෙ.. උඹව කොහොමත් හරියන්නෙ අනුන්ගෙ කටු ලෙවකන්න තමා.. "

ජිමින්ගෙ කතාවට ජීහුන්ට තවත් තරහ ගියා.

ජීහුන් ජිමින් ඉන්න තැනටත් යන්න හැදුවත්, ඊට කලින් හ්යුන්ග්වූගෙ කටහඬ ඇහුනා.

" හහ්? මැරෙන්න ලංවෙලා හිටියත්, උඹලගෙ කටවල් නම් තාම අඩු වෙලා නෑ.. මං හිතාගෙන හිටියෙ උඹලත් එක්ක ටිකක් වෙලා කතාබහ කරලම විනෝදෙ පටන්ගන්න.. ඒත් උඹලට හදිස්සියි වගේනෙ.. ඒ නිසා අපි දැන්ම පාටිය පටන් ගම්මු. "

YOU AND MEWhere stories live. Discover now