25 | Her STORY

306 83 9
                                    

ජියොන් යූ මි කියලා කියන්නෙ ජන්කුක්ගෙ වැඩිමල් සහෝදරිය.

ජන්කුක්ව ඉපදිලා මුලින්ම ගෙදරට එක්කන් ආව දවසෙ ඉඳලා, යූ මි ගෙ මුලු ලෝකෙම වුනේ එයාගෙ පුංචි මල්ලි.

ජියොන් පවුලෙ මේ අක්කගෙයි මල්ලිගෙයි හොඳම යාලුවා වුනේ, මින් යුන්ගි.

යුන්ගියි යූමියි එක වයසෙ. ඉතින් සෙල්ලම් කරද්දි නම් යූමි වැඩියම අල්ලගත්තෙ යුන්ගිව. ඒත් ඉතින් යුන්ගි කියලා කියන්නෙ සෙල්ලමට කැමති කෙනෙක්ද..

එයා බැලුවෙ හැමවෙලාවෙම පුංචි ජන්කුක්ව බලාගන්න මුවාවෙන්, ජන්කුක් ලඟට වෙලා නිදාගන්නයි.

ඔය විදියට තමා ටිකින් ටික ලොකු වෙද්දිත්, යූමිට වඩා ජන්කුක් යුන්ගි දෙන්නා හොඳ යාලුවො වුනේ.

ඒකට ඉතින් යූමිගෙ හිතේ පුංචි දුකක් ඇති නොවුනම නෙවෙයි. ඒත් එයාගෙ පුංචි මල්ලිත් එක්ක එයාට පොඩ්ඩක්වත් අමනාප වෙන්න පුලුවන්ද..

එයා ගොඩක් වෙලාවට කලේ, කොල්ලො දෙන්නට ඕනදෙයක් කරගන්න දීලා තනියම සෙල්ලමක් කරගන්න එක.

සමහර වෙලාවට ඉතින් කුකීව ඇදගෙන ගිහින් බලෙන්ම සෙල්ලමට ගත්ත වෙලාවලුත් නැතුවම නෙවෙයි ඉතින්.

ඔහොම ඉන්නකොට තමයි, යූමිට පාර්ක් එකේදි අලුත් යාලුවෙක් හම්බෙන්නෙ. ඒ තමයි ජිමින්. යූමිට වඩා අවුරුදු දෙකක් විතර බාල වුනත්, ජිමින් යූමිගෙ හොඳම යාලුවා වුනා.

දෙන්නා නිතර නිතරම සෙල්ලම් කරන්න පාර්ක් එකේදි හම්බවෙන්න පටන් ගත්තා. ඔය විදියට තමයි එයාලගෙ යාලුකම පටන් ගත්තෙ.

එයාලා අවුරුදු කීපයක්ම ඒ විදියට පාර්ක් එකේ සෙල්ලම් කරන පුරුද්ද තියාගත්තා. යූමිට ජිමිනුත් එයාගෙම මල්ලි වගේ.

යූමිටයි ජිමින්ටයි හැමදාම කතා කරන්න ඕනතරම් දේවල්...

යූමිට වගේම ජිමින්ටත් මල්ලියෙක් හිටියා. මල්ලි කෙනෙක් කිව්වට ජිමින්ට වඩා තත්පර ගානක් බාල නිවුන් සහෝදරයෙක්.

ජිමින් යූමිත් එක්ක එයාගෙ නිවුන් සහෝදරයා, ටේ ගැනත් කියවනවා. යූමිත් එයාගෙ මල්ලිගෙ දඟකාරකම් කියවනවා. තව ඉස්කෝලෙ දේවල්.. ගේම් ගැන.. තව එක එක දේවල් තිබ්බා මේ දෙන්නට කියවන්න.

YOU AND MEWhere stories live. Discover now