14 | Race

294 86 20
                                    

ටේ මං තීරුව මාරු කරලා, කාර් එකේ වේගය වැඩි කරගෙන වාහන කීපයක් ඉස්සර කලා.

එයා ආයෙමත් කාර් එකේ, පැති වීදුරුවෙන් පිටුපස බැලුවා.

'මං හිතුවා හරි.. උන් කවුරු වුනත් එන්නෙ අපි පස්සෙන් තමා.. '

තවමත් තමන්ගෙ කාර් එක පිටිපස්සෙන් එන කලු පාට කාර් දෙක දිහා බලමින් ටේ හිතුවා.

මීට අවුරුදු දෙකකට කලින් එයාට මේ වගෙ දෙයක් වුනා නම් එයා මෙලහකටත් වෙව්ලන්න අරන් ඇති.

ඒත් අද එයාට ඒ වගේ බයක් දැනුනෙ නෑ. ඕනෙ නම් වාහනෙන් බැහැලා උන් එක්ක සටන් කරන්න වුනත් එයාට පුලුවන්කම තිබුනා.

ඒත්.. අද එයත් එක්ක තවත් පුංචි ජීවිතයක් ඉන්නවා...

එයා කොහොමද තමන්ගෙ චූටි පුතාගෙ ජීවිතේ අවදානමක දාන්නෙ...

ඒ තරම් අවදානමක් ගන්න තරම් එයාගෙ හිත ශක්තිමත් නෑ..

ටේ වාහනේ වේගය වැඩිකරන ගමන්ම පිටිපස්ස හැරිලා බැලුවා, අඬලා අඬලා මහන්සියටම තමන්ගෙ කාර් සීට් එකේ සුවපහසුවට නිදාගෙන ඉන්න පුංචි බිලිඳා දිහා...

" නෑ පපා ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ... "

ටේ කිව්වෙ තමන්ටම පොරොන්දු වෙන ගමන්.

" මං දැන් මොකක්ද කරන්න ඕනෙ? කාටද කතා කරන්නෙ මං? කාගෙන්ද උදවු ඉල්ලන්නෙ? "

තමන්ගෙ පුංචි පුතා ගැන හිතද්දි ටේහ්යුන් නොසන්සුන් වුනා.

කලින් ටිකක් ඈතින් තිබුන කාර් දෙක දැන් එන්න එන්නම ලංවෙනවා. ටේ උන් ගැන දැනගත්ත බව උන්ට තේරිලා වගෙයි.

" කුකීට? ... එයා සමහරවිට ආන්සර් කරයි මං ආයෙ ගත්තොත්.. ඒත්... මුන් මගෙ පස්සෙන් පන්නන්නෙ කුකි ඉන්න තැන හොයාගන්න නම්? එහෙම නම් මං කරන්නෙ කුකිව අතටම අල්ලලා දෙනවා වගේ වැඩක්.. "

" ජින් හ්යොන්ග්ට? ඔව් හ්යොන්ග්ට ගත්තා නම් හරි එයා මේ ලඟම ඇතිනෙ... එයා කරන්න පුලුවන් දෙයක් කියයිනෙ.. "

ටේ, ජින්ට කෝල් කලා..

හොඳ වෙලාවට එයා රිංග්ස් තුනක් යද්දි ආන්සර් කලා.

YOU AND MEWhere stories live. Discover now