28 | Gerberas & White roses

215 77 4
                                    

හැමදෙයක්ම ආයෙත් සාමාන්‍ය තත්ත්වෙට හැරෙන්න පටන් අරන්.

මාස තුනක් ගත වෙලත් එයාලගෙ ගෙදර කීපදෙනෙක් තාමත් දුකින්...

තමන්ගෙන් සදහටම වෙන්වෙලා ගිය තමන්ගෙම ආදරණීයයන් සිහි කරමින්...

ටේ ජන්කුක්ගෙ අතේ තිබුන ජ'බෙරාස් මල් පොකුර සුළඟට නැලවෙන දිහා බලාගෙන සුසුමක් හෙලුවා.

ජන්කුක් මාස තුනකට පස්සෙ අදයි පලවෙනි වතාවට ගෙදරින් එලියට බැස්සෙ. එයා සාමාන්‍ය විදියට, දුකක් නැති බව පෙන්නමින් එයාගෙ වැඩ කටයුතු ගෙදර ඉඳලම කලත්, තමන්ගෙ එකම සහෝදරිය නැති වුන එක ගැන එයා හිටියෙ දුකින් කියලා එයාගෙ අඩුවෙලා ගිය දැඟලිලි කෑගැහිලිවලින් ඕනකෙනෙක්ට තේරුනා.

එයා සමහර වෙලාවට රෑට ටේත් එක්කත් කියවනවා එයාගෙ හිතේ තිබුන දුක. ටේ කියලා කියන්නෙ සමහරවෙලාවට කුකීට ඇහුම්කන් දෙන්න ලෑස්ති වෙලා හිටිය හොඳ යාලුවෙක්. ඒත් ඉතින් සමහර වෙලාවට ජන්කුක් අහන දේවල්වලට එයාටත් උත්තර නෑ..

' මෙච්චර ඉක්මනට අපිව දාලා යන්න නම්, ඇයි එයා අවුරුදු ගානකට පස්සෙ අපි ලඟට ආවෙ.. එයා හරිම නපුරුයි... නේද ටේ? එයා කොහොමද හිතුවෙ මට එයාව බේරගන්න බෑ කියලා? එයා කොහොමද තනියම තීරණය කලේ අපිව දාලා යන්න? '

ජන්කුක්ට දැනෙන විදිහ ටේට හොඳටම තේරුනත්, එයාට ඒවට දෙන්න උත්තර නෑ. බැරි වෙලාහරි ජින්ට හරි ජිමිනිට හරි මොනවා හරි වුනා නම් එයාට කොහොම දැනෙයිද.. ඒ වගේ තමා ජන්කුක්ට දැන් දැනෙන්නෙ... ඒ බව එයා දැන හිටියා.

ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්. අපේ ජීවිතවලට එක එක අය එනවා.. යනවා.. සමහර අය අපේ ජීවිතවලට දුක් වේදනා දීලා යනවා. සමහරු ලස්සන මතක එක්ක අපිව තනි කරලා යනවා, ලස්සන හීන එක්ක අපිව දාලා යනවා... ඒක තමයි සොබාදහමෙ හැටි.

මේ ලෝකෙට කෙනෙක් ආවා නම්, ආයෙ යන්නත් දවසක් එනවා. ඒ යන විදිහ, යන දවස විතරයි අපි එකිනෙකාට වෙනස් වෙන්නෙ.

ඒත් අපේ හදවතට ලඟින් හිටිය, අපි ආදරේ කරන කෙනෙක් අපිව දාලා ගියාම අපිට ඒ ලෝක ස්වභාවය පේනවද?...

යූමි එයාලත් එක්ක ආපහු එකතු වෙලා ලොකු කාලයක් එයාලත් එක්ක ගත කරපු නැති එක ඇත්ත. ඒත් එයා එයාලා එක්ක හිටපු පුංචි කාලෙට එයාලගෙම පවුලෙ කෙනෙක් වගේ වුනා.

YOU AND MEWhere stories live. Discover now