20 | Power

297 89 28
                                    

ටේහ්යුන් දෑස් ඇරියෙ අඳුරට.

එයා ඉන්නෙ කොහෙද කියලවත් එයාට හිතාගන්න බෑ, ඒ තරම් අඳුරුයි.

ටේහ්යුන් වටපිට බැලුවෙ, එයාලා බලාපොරොත්තු වුන කෙනා ඉන්නවද කියලා දැනගන්න. ඒත් කොහෙද ඒ අඳුර එක්ක, කිසිදෙයක් දැකගන්නෙ.

ඇහැට නොපෙනුනත් ටේට දැනුනෙ මේ ඒ තැනමයි කියලා, එයා ඒ හීනෙදි දැකපු.

එයාලා මෙතෙන්ට ආවෙ අනිත් අය වෙනුවෙන් බව දැනදැන වුනත්, එයාලා ආවෙ සැලසුමක් එක්ක වුනත්, ඒ හීනෙ ඒ විදියටම හැමදෙයක්ම වෙන්නද යන්නෙ කියලා එයාගෙ හිතේ ලොකු බයක් තිබුනා.

' නෑ.. අද දේවල් සිද්ද වෙන්නෙ හීනෙ විදිහට නෙමෙයි. හීනෙදි උන් මුලින්ම අල්ලගෙන තිබ්බෙ කුකීව... ඒත් අද එයා තාම ආරක්ෂිතයි.

ආරක්ෂිතයි???

එයා ඇත්තටම හොඳින්ද... එයාව බේරගන්න එයාලට පුලුවන් වුනාද... නැහ් මගෙ කුකීට මොකුත් වෙන්නෙ නෑ.. එයා මාවයි අපේ ටේසුවයි දාලා යන්නෙ නෑ..

ටේසු???

මගෙ පුංචි ටේසුව උන් පැහැරගත්තා. ඒ කියන්නෙ මගෙ මැණිකත් මේ හීතල ගුහාවෙ ඉන්නවද.. '

තමන්ගෙ ඉවරයක් නැති ප්‍රශ්න සමුදායෙ, සිතුවිලි එක්ක පැටලිලා වදවෙවී හිටිය ටේහ්යුන්ගෙ අවධානය ආයෙමත් වටපිටාවට යොමුවුනා, තමන්ගෙ පුංචි වස්තුව අහල පහලක ඉන්නවද කියලා සෝදිසි කරන්න.

ඒත් ඉතින් එයාට අඩියක් එහාපැත්තෙන් හිටිය නම්ජුන්වවත් එයාට පේන එකක් කියලයැ.

එයා ටිකක් වටපිටාවට කන්දුන්නා.

මුලු පරිසරයම සන්සුන්.

වතුර රැස්වුන තැනකට වතුර බිංදුව බිංදුව ගානෙ හිමින් හිමින් වැටෙන හඬක් ඇහුනා, එයා හිටිය කුටිය ඇතුලෙන්ම.

ඒ ඇරුනම එලියෙන් ඇහුන එකිනෙකා පරයලා කෑගහන්න උත්සාහ කරන රැහැයියන්ගෙ සංගීතයත්, වරින් වර ඇහෙන නිශාචර කුරුල්ලෙක්ගෙ හඬකුත් ඇරෙන්න වෙන සද්දයක් නෑ.

' අපි ඉන්නෙ කැලේක වෙන්න ඕනෙ.. '

පරිසරයේ තිබුන සන්සුන් බවත්, අනිත් සද්දත් එක්ක ටේහ්යුන් හිතුවා. එයා තව තවත් අවධානයෙන් කන්දුන්නා, කුටියෙ තවත් කවුද ඉන්නෙ කියලා ඉඟියක්වත් දැනගන්න.

YOU AND MEWhere stories live. Discover now