Present
Jungkook's POV :එදා ටේ කොහොම හරි මගෙ කැමැත්ත ගත්තා, අපේ පුංචි පැටියව මේ ලෝකෙට ගේන්න.
එයා ඒ දවසෙ ඉඳන් මේ වෙනුවෙන් කරපු කැපකිරීම් මොන තරම්ද...
' ඇත්තටම මං ටේටේව ලබන්න තරම් වටින කෙනෙක්ද ' කියලත් සමහර වෙලාවට මට හිතෙනවා.
මං මගෙ පපුව මත සැප පහසුවට නිදාගෙන ඉන්න ටේ දිහා බලාගෙන හිතුවා.
එයා නිදාගෙන හිටියෙ හරිම සාමකාමී විදියට.
මාස ගානකට පස්සෙ තමයි, ටේ මේ තරම් නිදහසේ නිදාගෙන ඉන්නවා මං දැක්කෙ.
කවදාවත් නැතුව අපේ පුංචි කරදරකාරයත් අද සද්දයක් නැතුව නිදි.
අපේ පොඩ්ඩට ඔය පුංචි කරදරකාරයා කියන නම දැම්මෙත් ටේම තමා. හැබැයි ඉතින් ඒ එයා නිතර කරදර කරනවා කියලා හරි, එයා කරදරයක් හරි කියලා හිතලා නෙවෙයි, ආදරේට.
ටේ කියන්නෙ ඒ නම කියුට්ලු. දන්නවනෙ ඉතින් මගෙ ටේටේට තියෙන්නෙ අමුතු අදහස්නෙ.
කොහොම හරි අද ටේට පැය දෙකකට ලංවෙන්න එක දිගට නිදාගන්න ලැබුනා, පුදුමෙකට වගේ.
මාත් ඒ පැය දෙක පුරාවටම දන්නෙම නැතුව, නිදාගන්නෙත් නැතුව එයා දිහා බලන් ඉඳලා. වෙලාවකට මට හිතෙනවා මං උන්මන්තකයෙක් වෙලාද කියලත්. කමන්නැ ඉතින් ටේට විතරනෙ මං පිස්සු වැටෙන්නෙ.
මගෙ සිතුවිලිවලට මටම හිනා.
මං හිමීට එයාගෙ මූනට වැටිලා තිබුන කෙස්රොදක් අයින් කලා, මගෙ ආදරනීය සුරදූතයගෙ.
එයාට මහන්සි පාටයි. පොඩ්ඩා ඉපදෙන්න කලින් මාස ගානෙ වුන මහන්සිය පරද්දලා අපේ පුංචි දඟයා, අපි ගාවට ආවට පස්සෙ එයාව හෙම්බත් කලා පහුගිය මාස තුනේ.
කොහොම වුනත් මට සතුටුයි, මේ හැමදෙයක්ම හොඳට සිද්ද වුන එක ගැන.
මගෙ ටේට හරි, පුංචි පැටියට හරි මොනව හරි වුනා නම් එහෙම මං කොහොම ජීවත් වෙන්නද..
මං නම් හිතන්නෑ ටේ නැතුව එක තත්පරයක්වත් මේ ලෝකෙ ඉන්න පුලුවන් වෙයි කියලා. ඔයාලා හිතයි මං මහ දුර්වලයෙක් කියලා. ඒත් ඒක තමයි ඇත්ත. අපි හැමෝම දුර්වලයො වෙන, තැනක් අපි හැමෝටම තියනවා.
YOU ARE READING
YOU AND ME
Science FictionYou & Me; another journey of life •language: Sinhala •status: Completed ___________________________________________ This is the second book of " YOU'RE MINE." Hope you will love this book too. This is also a KookV fan fic. And also contents yoonmin...