දවස පුරාවටම තිබුන ඒ කරදරකාර වැස්ස රෑ එලිවෙනකනුත් තියෙයි වගේ..
' මං නම් කැමතිම නෑ මේ මූසල වැස්සට.. '
ටේ අඳුරුම අඳුරු මූසල පාට අහස දිහා බලාගෙන ඔරවන ගමන් හිතුවා.
ඒ එක්කම අහසින් නැගුන ගිගිරුම් හඬක් නිසා, ගැස්සුන පාරට එයා ඇකිලුනා, ඉවරයක් නැතුව අඬන පුංචි ටේසුව තවත් තදින් තමන්ගෙ පපුවට තුරුල් කරගනිමින්.
ටේසු කියලා කියන්නෙ අනිත් පුංචි බබාලා වගේ හැමවෙලාවෙම අඬාගත්ත ගමන් ඉන්න සිඟිත්තෙක් නෙවෙයි. ඒත් අද පුදුමෙකට වගේ එයා ඉවරයක් නැතුව අඬනවා.
ජන්කුක් තාම ගෙදර ආවෙත් නෑ. එයා විතරක් නෙවෙයි ගෙදර අය හැමෝම වගේ එලියට ගිහින් හිටියෙ.
ගෙදර හිටිය එකම කෙනා ජීහුන් විතරයි. ඒත් ඉතින් එයා හිටියයි කියලා එයාට පොඩි එකෙක්ව නලවගන්න පුලුවන් එකක්යැ. ඊටත් එයාට නම්ජුන් යන්න කලින් මොකක්ද වැඩක් පවරලා ගිය බව ටේ දැනන් හිටියා.
ටේ සිඟිත්තාව නලවගන්න උත්සාහ කරමින්, ජනෙල් වීදුරුවෙන් ආයෙමත් පාර දිහා බැලුවා.
නම්ජුනුයි අනිත් කට්ටියයි ගියෙ, ලඟ නගරෙක මොකක්දෝ කලබලයක් ගැන බලන්නයි. ජින් නම් මූලස්ථානෙ ලැබ් එකට ගිය ගමන තාම ආවෙ නෑ.
ඒත් ජන්කුක් නම් එයාලා එක්ක ගිහින් නෙමෙයි, එයා උදේ ඔෆිස් එකට ගිය ගමන්. හරි නම් එයා දැන් එන්න ඕනෙ. එයා තාමත් නැති නිසයි ටේ මඟ බලාගෙන හිටියෙ.
ඒ වගේම නම්ජුන් එක්ක ගිය කට්ටිය ගැනත්, ටේ වද වුනා. එයාලා හදිස්සියෙම දිව්ව නිසා හරියට විස්තරයක්වත් අහගන්න ටේට ලැබුනෙ නෑ.
එයා මොනතරම් හිත කලබලෙන් හිටියත්, එයාට මේ වෙලාවෙ පොඩ්ඩව දාලා යන්න බෑනෙ.
ටේට පුලුවන් වුනේ, එයාලා කරදරයක් නැතුව එයි කියලා බලන් ඉන්න විතරයි.
කවදාවත් නැතුව ටේගෙ හිතට මහ අමුතු මූසල හැඟීමක් ආවා.
' මොකක් හරි නරක දෙයක්වත් වෙන්න එනවද.. '
ඒ මදිවට ටේසුත් අද ඉවරයක් නැතුව අඬනවා.
ටේ එක අතකින් ටේසුව තමන්ගෙ පපුවට ලං කරගෙනම ෆෝන් එක අතට ගත්තා, ජන්කුක්ට කෝල් කරන්න.
YOU ARE READING
YOU AND ME
Science FictionYou & Me; another journey of life •language: Sinhala •status: Completed ___________________________________________ This is the second book of " YOU'RE MINE." Hope you will love this book too. This is also a KookV fan fic. And also contents yoonmin...