හැඳින්වීම

3.9K 353 19
                                    

මේක මගේ පලවෙනි කතාව.. මුලින්ම fb දැම්මෙ... වට්පෑඩ් දාන පලවෙනි වතාව..  ඉතිම් අඩුපාඩු නම් ගොඩාරියක් ඇති... මුලින්ම කතාව ගැන පොඩි හැදීන්වීමක් කරල ඉන්නම්... 🙈

💗රියා ෆර්නැන්ඩස්💗

         කතාවෙ main female  character එක. වයස අවුරුදු 22. ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න දඟ කෙල්ලෙක්.. ඉස්සරම අහින්සක කෙල්ලක් උනත් ජීවිතේ මුහුණ දෙන්න උන අතීත අමිහිරි මතක නිසා  ඇති වුණු වේදනාවන් හංගන්නම ජීවිතේම එකපාරින් වෙනස් කර ගත්ත කෙල්ලෙක්..කෙල්ලගෙ අම්මා ලංකාවෙ උනාට තාත්‍තා ඕස්ට්‍රේලියානු ජාතික කෙනෙක්.. කවදාවත් තත්‍තා නොදැකපු කෙල්ලගෙ මුළු ලෝකෙම උනේ එයාගෙ අයියා... කෙල්ලට ෆැෂන් ඩිසයිනින් ඩිග්‍රියක් තියෙනවා... වගේම කෙල්ල ගොඩක් දක්ෂ මේකප් ආටිස් කෙනෙක් කියල කියන්න පුලුවන්...

        කෙල්ල පොඩි කාලෙ ඉන්නෙ නම් ලංකාවෙ...කෙල්ලගෙ අම්මා ඇවිත් එයාවයි අයියවයි ඇමරිකාවට අරන් යනවා.. ඒත් හිතාගන්න බැරි විදිහට කෙල්ලට කොරියාවට එන්න වෙන්නෙ කෙල්ලගෙ අම්මා නිසා.. ඇත්තටම මුල ඉදන්ම කෙල්ලගෙ අම්මා  නිසා එයාගෙ ජීවිතේම වෙනස් වෙනවා හිතාගන්න බැරි විදියට.....

💗පාර්ක් ජිමින්💗

   කතාවෙ main  male character එක මෙයා.. ලෝකප්‍රකට bts kpop බෑන්ඩ් එකේ  සාමාජිකයෙක්.. (ඒක ඉතිම් හැමොම දන්නවනෙ 🤣) හිතපු නැති වෙලාවක යාලුවෙක්ට උදව් කරන්න ගිහින් හම්බුන කෙල්ල තමන්ගෙ ජීවිතෙත් වෙනස් කරාවි කියල එයාත් නොහිතන්න ඇති...

💗දිනුල් ජයසේකර 💗

රියාගෙ එකම අයියා ඒ වගේම එයාගෙ මුලු ලෝකෙම දිනුල්.. දිනුල්ගෙත් එහෙමයි..දිනුල්,රියා දෙන්නා සහොදරයො උනාට එකම තාත්තගෙ නෙවෙයි.. රියාගෙ තාත්තා ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වෙනකොට දිනුල්ගෙ තාත්තා ලාංකික කෙනෙක්.. ඒ නිසා හැඩහුරුකමින් දිනුල් ,රියා ගොඩක් වෙනස්...එ දෙන්නව එකට දැක්කොත් සහෝදරයො කියල කෙනෙක් විශ්වාස නොකරන්නත් පුලුවන්...

කොහොම උනත් දිනුල් කියන්නෙ පණ වගේ නංගිට ආදරෙ කරන අයියා කෙනෙක්... මෙයාත් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්.. හරියටම කිව්වොත් bts බැන්ඩ් එකේ ෆැෂන් ඩිසයිනර් තමයි දිනුල්.. ඒ වගේම btsලගෙ හොද යාලුවෙක් විශේෂයෙන්ම ජිමින්ගෙ....

...........................................

ඉතිම් දැනට මේ ටික තමයි කියන්න තියෙන්නෙ..  ඉතිම් අපි බලමු ඉස්සරහට මොන වගේ දේවල්ද වෙන්නෙ.. ඒ වගේම මොන විදිහටද මෙයාලගෙ ජීවත වෙනස් වෙන්නෙ කියලා....

❤️ Riya ❤️ [COMPLETED]Donde viven las historias. Descúbrelo ahora