මුලින්ම මට එයා කරන්න යන දේ ගැන තේරුමක් තිබුන්නැ... ඒත් පොඩ්ඩක් වෙලා බලන් ඉන්නකොට තමයි තේරුනේ වෙන්නෙ මොකක්ද කියල...
"ඕ...ශිට්.. මේකි හූඩි එක ගලවල එයා කෙල්ලෙක් කියල පෙන්නන්න නේද හදන්නෙ....🤦 අම්මපා මේකිට නම් මෙලෝ ගානක් නෑ...😖 පපුව පෙන්නන්න පුදුම ආසාවක්නෙ තියෙන්නෙ....😒😒 සිහියෙන් හිටිය නම් මන් මේකිට හොද වැඩක් කරනවා... කලොත් කරන්නෙම ගොන් අමන වැඩක්....😡"
ඉකමන් කරල මේක නවත්තන්න ඕනි... නැත්නම් හැමෝම ඇත්ත දැන ගන්නවා...
දැනුත් ඇගෙන් බාගයක් පේනවා.. මේ පේන ටිකත් ඇති මෙයා කෙල්ලෙක් කියල දැන ගන්න... හොද වෙලාවට ටේබල් එකට කවර් වෙලා නිසා හ්යොන්ග්ලාට පේන්නැ.... මට විතරයි පේන්නෙ..."යා පාක් ජිමින් ඔක්කොටම කලින් තමුන්ව කන්ට්රෝල් කර ගන්නවා...😒😖"
මේ කෙල්ල මේ ඇගෙන් බාගයක් පෙන්නගෙන ඉන්න එක දැකල මගෙත් මොලේ අව්ල් වෙලා...😖
🔘"ජෝ...නැගිටිනවා.. කිව්වම අහල නැගිටිනවා..."
මන් හෙමිහිට රවාගෙනම එයාට කිව්වම එයා බය වෙලා වගෙ නැගිට්ටෙ මට තරහ ගිහින් කියල තේරුන නිසා වෙන්න ඇති....
🔘"මගෙ රුම් එකට ගිහින් නිදා ගන්න ඔය ඇති.... දැන් රෑ යන්න බෑනෙ..."
🍁"මට බෑ...😒"
මේ කෙල්ලගෙ තියෙන මුරන්ඩුකම... කොච්චර කතා කලත් බෑම කියනවා.. වෙන කරන්න දෙයක් නැති නිසා හිටගෙන ඉද්දිම මන් මේකිව උස්ස ගත්තා..
🍁"අතාරිනවා මාව... බූරුවා.." (සිංහලෙන් )
එයා මට බනිනවද කොහෙද.. කියන ඒවා තේරෙන්නෙ නැති උනත් කියන විදිහෙන් ඒක තේරෙනවා...කෑගහද්දිම මන් එයාව උස්සගෙන ගියේ මගේ රූම් එකට...
🍁"අල්ලන්න එපා මාව... ඔයා හරි නරකයි"
ඔන්න දැන් ඒ පාර කොරියන් වලින්ම කතා කරනවා... යන්න ගිහිපු මන් ආයෙම හැරුණෙ ඒ කිව්ව දේ නිසා...🤨
🔘"ඇයි මන් නරක..?"
මන් ඇහුවෙ එයාගෙ මූන දිහා බලාගෙන... පොඩි ළමයෙක් වගේ මූනත් බෙරි කරන් එයා මන් දිහා බලන් හිටියා.. මන් කෙලින්ම බැලුවෙ එයාගෙ ඇස් දිහා... එලියට එන්න ඔන්න මෙන්න තියෙන කදුළු නිසා එයාගෙ ඇස් දිලිසෙනවා...

YOU ARE READING
❤️ Riya ❤️ [COMPLETED]
Fanfictionසිනහවෙන් කඳුළු හංගා ගත් එක් දඟකාර තරුණියක්.. අහම්බෙන් හමුවෙන එක් සුවිශේෂී පුද්ගලයෙක්... කුමක් සිදුවේවිද...? අපි බලමු... Fan Fiction only 💕