🔘"හ්යොන්ග් මන්... මන්.... මන් ඔයාගෙ නංගිට කැමතී.. 😞 මන් කිව්වෙ මන් ආදරෙයි එයාට..😞"
ඒක ඇහුවම දිනූ කකා හිටපු ෆිෂ් බ්රෙඩ් එකත් හිර කර ගත්තා... ඒ එක්කම එයා හිනා වෙන්න ගත්තා...
🍂"කන වෙලාවට විහිලු කරන්න එපා ජිමිනා..😂😂"
🔘"මේක විහිලුවක් වත් බොරුවක්වත් නෙවෙයි හ්යොන්ග්.. මන් ඇත්තටම එයාට කැමතී... දැකපු මුල් දවසෙ ඉදන්ම..."
එහෙම කිව්වම නම් දිනූ ටිකක් විතර පුදුම උනා.. මන් දිහා බලන් හිටපු එයා ආයෙම කතා කරන්න් ගත්තා..
🍂"ජිමිනා.. මියානෙහ්.. මන් ඔයාට එයා මගෙ නංගි කියල කිව්වෙ නැති එකට... ඔයා දැනටමත් මගෙ නංගි ගැන පොඩ්ඩක් දන්නවනෙ.. එයා එදා ඔයා එක්ක දවසෙම හිටපු නිසා.. ඇත්තටම එයා හැසිරෙන්නෙ පොඩි ළමයෙක් වගේ.. එයා කරන දේ වල සමහර වෙලාවට බරක් පතලක් තේරෙන්නැ එයාට... ඔයාට පුලුවන් ද ඒ දේවල් දරාගෙන ඉන්න...? 🤨"
හ්යොන්ග් මොනව කියනවද මන්දා මන් ඔය මාස තුනක් විතර එයා දීපු වද සෙට් එක ශෝක් එකට දරාගෙන හිටියෙ...😂😂
🔘"නේ.. මට පුලුවන්.."
🍂 "එයා මේ ගැන දන්නවද... "
🔘"තාම නෑ හ්යොන්ග්.. මන් එයාව එදායින් පස්සෙ දැක්කෙම නැ...😞"
මන් කිව්වෙ ඇත්තක් වගෙම බොරුවක් ... ඒක එහෙම කියන එක මේ වෙලාවෙ හොදයි කියල හිතුනා...
🍂"ජිමිනා... එක දවසක් විතරක් දැක්ක කෙල්ලෙක්ට ඇති වෙන ආදරයක් වැඩි කල් තියෙන්නැ ඒක සමහර විට ආකර්ශණයක් වෙන්න ඇති..."
🔘"නෑ හ්යොන්ග්... එයාව දැකල අවුරුදු දෙකක් ගිහින්... ඒත් එන්න එන්නම එයාට තියෙන ආදරෙ වැඩි වෙනවා විතරයි අඩු වීමක් නෑ... වෙන කිසිම කෙනෙක්ට හිත යන්නෙ නෑ මගේ... එහෙම වෙනව නම් මේ කාලෙත් හොදටම ඇති...."
දිනූ ලොකු හුස්මක් ගත්තා.. එයා ගොඩක් බරපතල කතාවකට ලෑස්ති වෙන්නෙ කියල මට තේරුම් යන්න වැඩි වෙලාවක් ගියේ නෑ...
🍂"ජිමිනා... ඔයා ගොඩාක් හොද කෙනෙක්.. ඇත්තටම අපෙ නංගිට හොද වැඩී.. ඒත් මෙතන ප්රශ්නෙ ඔයා idol කෙනෙක් නිසා.. ඔයාට රියාට ආදරෙ කරන්න ගිහින් ගොඩක් දුක් විදින්න වෙයි.. ඒ වගේම දෙන්නටම ප්රශ්න ඒවි... රියාට දුක් විදින්න වෙයි... එයාට ඕවා දරා ගන්න තරම් ශක්තියක් නෑ... මන් කැමති නැ මගෙ නංගි දුක් විදිනවට... එයා දැනට විදල තියෙන දේවල් හොදටම ඇති... ඔයාගෙ ෆැන්ස්ලා උනත් කැමති ඔයා වෙන idol කෙනෙක් එක්ක සෙට්ල් වෙනවටයි නිකම්ම කෙල්ලෙක් නැතුව... ඔය දෙන්නට එකට ඉන්න පුලුවන් වෙයි කියල මන් නම් හිතන්නැ... ඒ නිසා හොදම දේ එයාව අමතක කරන එක... මොන දේ උනත් කොච්චර ආදරෙ උනත් එයාට බලෙන් ලං වෙන්න හදන්න එපා.... ටික දවසකින් ඕවා ඇරිලා යාවි... "

YOU ARE READING
❤️ Riya ❤️ [COMPLETED]
Fanfictionසිනහවෙන් කඳුළු හංගා ගත් එක් දඟකාර තරුණියක්.. අහම්බෙන් හමුවෙන එක් සුවිශේෂී පුද්ගලයෙක්... කුමක් සිදුවේවිද...? අපි බලමු... Fan Fiction only 💕