Episode 10
🍁"නා දෝ (මමත්)"
මාත් ඔහේ කියල දැම්මා.. ඒ එක්කම මන් දැක්කෙ ඇස් ගෙඩි පොල් ගෙඩි තරම් ලොකු කරගෙන ඉන්න සූජින් නූනව...එයාගෙ මූන කර උන රොටියක් වගේ වෙලා තිබ්බා...
🍁"වේ? (ඇයි?)" 🤨
මන් ගානක් නැතුව ඇහුවා.. ඕ ශිට් මෝඩි... මොකක්ද ඒ කිව්ව කුනුහර්ප කතාව...🤦 දැන් ඉතිම් සූජින් නූනා වැරදියට හිතාවි....අම්මපා මමත් වෙලාවකට ඉන්නෙ මේ ලෝකෙ සිහියෙන් නෙවෙයි..😒
කන වෙලාවට කරදර කරනකොට ඔහොම දේවල් වෙනවා හුම්... ඔක්කොටම වඩා මට වැදගත් කෑම එක... ඒක කන්න දෙන්නැ.... මේ නූනා එක්ක බෑ...😒
⭐"චින්චා..?.. ඒත් ඔයා...ඔයා ඇත්තටම කැමතිද...🤨? ඔයාට මට ඒක කියන්න තිබුනා ජෝ...😒 එතකොට ඔයයි ජිමිනුයි එකටම ඉන්නෙ ඔයාල අතර relationship එකත් තියෙන නිසා..🤨 ආහ් දැන් තමයි මට ඔක්කොම තේරෙන්නෙ..😒"
සූජින් නූනා වක්කඩ කැඩුවා වගේ කදුළු බේරි බේරි තත්පරයට වචන 150 විතර කියාගෙන කියාගෙන ගියා.... 🤦 එයාගෙ කටට එච්චර වේගෙන් කොහෙන් වචන එනවද මන්දා...🤨
දැන් හරිනෙ..කාල වරෙන්කො ඉතිම්... ඔය ඉල්ලගෙනම කෑවෙ... ගොන් ඊරි...🤦 එයා කිව්ව කතාවලට නම් කකා ඉදපු කෑම එකත් ඉස්මොල්ලෙ ගියා... අම්මෝ දනවා... සැර කෑම හොය හොය ගිලිනවට මට හොද පාඩම්....
🍁"නූනා..මුල්..මුල්...(වතුර වතුර..)"
සූජින් නූන ඉකමනට වතුර එක දුන්නත් එයා හිත හොදින් නම් නෙවෙයි හිටියෙ...මන් එයා දුන්න වතර එක බීගෙන බීගෙන ගියේ හත් අවුරුද්දක් වතුර පොදක් ඇහැටවත් දැක්කෙ නැති ඔටුවෙක් වගේ.... වතුර බීල ඉවර උන ගමන්ම මන් නූනගෙ වැරදි වැටහීම් ඔක්කොම අයින් කලේ එහෙම නොවුන නම් මට ගුටි කෑමක් සෙට් වෙන නිසයි.... මට ඒක විතරයි අඩු වෙලා තිබ්බේ...🤦
වැරදිලා හරි මන් ජිමින්ට කැමතී කියල කටකතාවක් ගියොත් මොනා වෙයිද..? මන් නිකමට කල්පනා කලේ ඒක....🤨
ඕ ශිට් මට මැවිලත් පේනවා... මන් අත් කකුල් ඔක්කොම බෙල්ලෙ එල්ලන් ගෙම්බා පොලවෙ ගැහුවා වගේ හොස්පිට්ල් එකක ඇදක් උඩ පත බෑවිලා ඉන්නවා... ඒකත් කමක් නෑ කියමුකො වැරදිලා හරි බෙහෙත් කරන දොස්තරයත් bts ෆෑන් කෙනෙක් උනොත්...🤦 අයියට මාව වල දාන තැනවත් හොයා ගන්න බැරි වේවි....🤦 එතකොට අපායෙයි දිව්යලෝකෙයි bts ෆෑන්ස්ල හිටියොත්... අනෙ අම්මො මට බෑ..මට ඒ ගැන හිතන්න ඕනි නෑ...😞 එච්චර කුරිරු ඉරණමක් මට අත් වෙන්න එපා දෙයියනෙ... කියන තැනකට වදින්නම් මන්...😖

YOU ARE READING
❤️ Riya ❤️ [COMPLETED]
Fanfictionසිනහවෙන් කඳුළු හංගා ගත් එක් දඟකාර තරුණියක්.. අහම්බෙන් හමුවෙන එක් සුවිශේෂී පුද්ගලයෙක්... කුමක් සිදුවේවිද...? අපි බලමු... Fan Fiction only 💕