Episode 16 ❤️

1.4K 298 113
                                    

Episode 16

🔰"හ්‍යොන්ග් එතකොට එරික්... එයාට මොකක්ද උනේ ? කෝ දැන් එයා..?"

ජින් හ්යොන්ග් ඇහුවම තමයි මටත් මතක් උනේ... ඇත්තටම එරික් කියන කෙනා කෝ..?

🍂"එදා උන දේ කවුරුවත් දැන ගන්නවට මන් වගේම රියාත් කැමති උනේ නෑ...එදා කලබලේට නංගි ගැන බැලුව මිසක් මට ඒ මිනිහා ගැන බලන්න මට අමතක උන නිසා ඒ මිනිහා බේරුනා... අපි එනකොට ඌ පැනල ගිහින් තිබුණා.. ඊට අවුරුද්වකට අවුරුද්දකට පස්සෙ ඒ මිනිහා ඇක්සිඩන්ට් එකකින් මැරුනා.. මන් මගේ ඇස් දෙකෙන්ම ඒ මිනිහගෙ මිනිය දැක්කා... රියා මිනිය නොදැක්කත් එරික් මැරුනා කියල හොදටම දන්නවා..."

🔰"එතකොට හ්‍යොන්ග් රියාගෙ අම්මා.. එයා කරපු දේවල් වලට සමාව ගත්තද...?"

ජින් හ්යොන්ග් ඇහුවෙ ගොඩක් බරපතල විදිහට... එයාගෙ කටහඩින් පවා දුකක් අපිට තේරුනා..

🍂"නෑ... කොහෙත්ම නෑ..  එයා ගිය මාසෙ වෙනකන්ම කිව්වෙ එයා ඒ දේවල් දන්නැ කියල එයාව වරදට අහු කරන්න එරික් කරපු ප්ලෑන් එකක් කියල... අනික අම්මා ඒකෙ වැරැද්දත් රියාටයි දැම්මෙ... එයා අන්තිමට කිව්වෙ මගෙ නංගි හරියට හිටිය නම් මේ දේවල් වෙන්නැ කියල... අහින්සකී අන්තිමට හැම වැරැද්දක්ම එයාගෙ පිට දාගෙන පැත්තකට උනා...  අන්තිමට මන් ඒ වොයිස් රෙකෝඩ් හොයා ගත්තෙ ගිය මාසෙ... එතකොටයි එයා මගෙ නංගි පාවිච්චි කරන එක නැවැත්තුවෙ... ඒ වොයිස් රෙකෝඩ් එකට බයේ... 😞 රියාට කවදාවත් උන දේට සාදාරණයක් ඕනි උනේ නෑ.... එයාට ඕනි උනේ නිදහසේ පාඩුවෙ අනිත් අය වගේ සතුටින් ඉන්න විතරයි...."

දිනූ කිව්වෙ බිම බලාගෙන... එයා අන්තිම වචන ටික කිව්වෙ ඇස් වලින් බේරෙන කදුළු පිටි අල්ලෙන් පිහිදන ගමන්..

අපි කවුරුවත් එක වචනයක් කතා කලේ නෑ.... හැමෝටම කෙල්ල ගැන තිබ්බෙ දුකක්... ඒ කියන්නෙ රියාට පේන්නෙ මැරුණ මනුස්සයෙක්... කම්පනයත් එක්කම එයාට පරන දේවල් මතක් වෙනව ඇති... එච්චර දුක් විදපු කෙල්ලෙක්ට ඒ වගේ පොඩි කම්පනයකින් උනත් පරණ මතක ආයෙම උඩට  එන්න පුලුවන්.... 😢

🍂"ජිමිනා.. කුමාවෝ.. එදා මගෙ නංගිව බේරගෙන පරිස්සමෙන් අරන් ආවට... නැත්නම් ආයෙම ඔම්මා නංගිව නාකියෙක්ට බලෙන් බන්දනවා එයාගෙ ණය නිසා... ඒක උනා නම් මන් ආයෙ පාරක් මටම සමාවක් දෙන එකක් නෑ...."

❤️ Riya ❤️ [COMPLETED]Where stories live. Discover now