Jimin proves...ටැක්සියට නැගපු වෙලේ ඉදන් දඟල දඟල හිටපු මේ පිස්සු කෙල්ල දිහා මාත් හොරෙන් බලන් හිටියෙ එයාට නොදැනෙන්න... මෙයාගෙ විකාර වැඩ වලට හිනා යනවත් එක්ක... හොද වෙලාවට මාස්ක් එක නිසා පේන්නැ 😎
ගනන් ගන්නෙ නෑ වගෙ ඉන්න ඕනි.. මගෙ ආඩම්බර හිත කිව්වෙ එහෙම.. ඒ නිසාම ටිකක් සැර කරල ආඩම්බරකමට මාත් හිටියා..
අන්තිම පාර බැන්නම නම් ටිකක් සන්සුන් උනා වගේ...හිත රිදුනද දන්නෙත් නෑ...
ඇත්තටම එයා ඒ සින්දුවක්ද කිව්වෙ..🤔 කිසි දෙයක් තේරෙන්නෙ නැති උනත් මට හිතෙන්නෙම බැන්නා කියල 😒 ඒත් ඉතිම් බනින්න හේතුවකුත් නෑ එයාට 🤔 ඒ කිව්වෙ සින්දුවක් නම් ඒක තමයි මන් මෙච්චර කාලෙකට අහපු භයානකම සින්දුව 😖😖
🔘" අයිගෝ..අයිගෝ.. මේ මොන විදිහේ කෙල්ලෙක්ද 🤦 මට දැනෙන්නෙ bride කෙනෙක් kidnap වගෙ නෙවෙයි අවුරුදු 5ක 6ක පොඩි ලමයෙක් kidnap කලා වගේ 🤦 "
වීදුරුවෙන් එලිය බලන් හිටපු එයාට නින්ද ගිහින්... නින්ද ගිය එක නම් සහනයක්..නැති උනා නම් මට පිස්සු හැදේවි මෙයා කන්ට්රෝල් කරන්න ගිහින් 🤦 ටැක්සිය ඇතුලෙ නටපු පිස්සු ටිකේ හැටියට කාර් එකෙන් පැනල දිව්වෙ නැති උනොත් තමයි පුදුමෙ 🤣🤦
එයාගෙ මූන රතු වෙලා තිබුනා...හරියට චෙරි ගෙඩියක් වගේ..🙈 මූන රතු නොවුන නම් තමයි පුදුමෙ 😐 දඟලපු දැඟලිල්ලට..මෙච්චර වෙලා මන් මෙයා ගැන තේරුම් ගත්ත එකම දේ... 👇
මෙයාට නම් තප්පරයක්වත් එක විදිහකට ඉන්න බෑ කියන එක විතරයි...😒
මන් ටිකක් වෙලා ඒ මූන දිහාම බලන් හිටියා..
එයා සුදුයි.. සුදු කිව්වට එයාට තිබ්බෙ අපිට වඩා වෙනස් කලර් එකක් හරියටම කිව්වොත් ගෝල්ඩන් කලර් එකක්...🙈 එයාගෙ ලොකු ඇස් පිය වෙලා තිබ්බෙ හරි ලස්සනට...
එයාට තිබ්බෙ නැචුරල් බ්රවුන් කලර් ඩබල් අයි ලිඩ් ඇස් දෙකක්... ඒ වගේම හරියටම නලලෙ මැද හරියට වෙන්න චූටි ඩොට් එකක් වගේ උපන් ලපයක් තිබුනා...🙈 ඒකෙන් එයාට අමුතු ලස්සනක් වගේම හුරුතල් පාටක් ඇවිල්ලා තිබුනා...
ඊට පස්සෙ මන් දැක්කෙ එයාගෙ වම් අතේ හරියටම වැලමිටට ඇතුල් පැත්තෙ තිබුන අමුතු හැඩයක් තිබුන කලුපාට ලපයක්...අහම්බෙන් වගේ මන් ඒක දැක්කෙ... ඒක දැක්ක ගමන් ඉක්මනටම මතක හිටින විදිහේ අමුතු ලපයක්...

YOU ARE READING
❤️ Riya ❤️ [COMPLETED]
Fanfictionසිනහවෙන් කඳුළු හංගා ගත් එක් දඟකාර තරුණියක්.. අහම්බෙන් හමුවෙන එක් සුවිශේෂී පුද්ගලයෙක්... කුමක් සිදුවේවිද...? අපි බලමු... Fan Fiction only 💕