එක ත්රස්තවාදියෙක් නම් අයියා එවපු එකා..එතකොට අනිත් එකා මොකාද 🤔 අයියා ඕඩර් කරපු තැනින් එක ත්රස්තවාදියෙක් ගත්තම තව එකෙක් නොමිලේ දෙනොද කොහෙද....🤔
අයියා එව්වෙ කිව්ව ගමන් පැනගෙන ආවට මටත් හොද වැඩේ.. කොහෙද අපෙ ගොන් නස්පෝනියා නිකමට මට ප්ලෑන් එක ගැන මෙලෝ මගුලක් කිව්වෙ නැනෙ 😒😒
"මුන් දෙන්න මාව මරයිද..?😖 "
"නෑ වෙන්න බෑ..."
"හම නැත්නම් බිම ටයිප් එකෙ ඉන්න මාව මරල මොනා කරන්නද.. ?"
"පාන් කෑල්ලක් කන්න ඇඟේ මස් කලඳක් නෑ... ඕන්නම් ඇටකටු වලින් බොත්තම් හදන්න පුලුවන්... 😏 එච්චරයි ඉතිම් මගෙ වැදගත් දේකට තියෙන්නෙ....😣"
ඕ ශිට් මැරෙන්න යන වෙලාවෙත් මල විකාර හිතන්නෙ ඇයි මන්.... ඒයි මෝඩ හිත ඔය මොලේ කියන එකත් පොඩ්ඩක් අහපම්... නැත්නම් මැරෙන්නයි වෙන්නේ...😣😖
Jimin pov...
වොශ් එකක් දාගෙන ආපු මට එකපාරටම ඇහුනෙ ඩෝ බෙල් එක වදින සද්දෙ.. ඉක්මනට පහලට ගියපු මන් දෙපාරක් නොහිතම දොර ඇරියේ ඒ දිනූ වෙන්නම ඕනි නිසා...
දොර ඇරපු මන් දිනූට ඇතුලට එන්න කියද්දිම එකපාරටම වීදුරුවක් බිදෙන සද්දයක් ඇහුනා... හැරිල බලපු මන් දැක්කෙ බිදුනු බෝතල් කෑල්ලක් අතින් අරන් ඉන්න මේ පිස්සු කෝලමව 🤦
🍁"ලඟට එන්නෙපා... මේකෙන් අනිනව දෙන්නටම 😣 හෙල්ලෙන්න එපා... කිව්වනෙ ලඟට එන්න එපා 😢😣"
මමයි දිනූයි මූනට මූන බලා ගත්තෙ මේ වෙන දේ තේරුම් ගන්න බැරුව 🤔
🔘"යා.. මාස්ක් එක ගලවන්න... "
මන් දිනූට කිව්වෙ මේ පිස්සි ඇත්තටම වීදුරු කෑල්ලෙන් අනීවි කියල හිතුන නිසයි...ඒ තරම් ට්රැක් අව්ට්නෙ මෙයාගෙ 🤣
🍂"චූටි මේ මන්..." දිනූ මාස්ක් එක ගලවන ගමන් කිව්වා..
🍁"අයියා..😣😍"
එයා වීදුරු කැල්ල අතෑරල දිනූ ගාවට දුවන් ගියා..එයාල කතා කරපු දේවල් නම් තේරුන්නැ.. ඒත් දෙන්නම ගොඩක් සතුටින් කියල නම් හොදටම පෙනුනා..
හිත් දෙකක් ඒ විදිහට සතුටු වෙද්දි තවත් එක හිතක් කියා ගන්න බැරි වේදනාවකින් හිටියෙ..😢 ඔව් වෙන කාගෙවත් නෙවෙයි මගේ හිත... දිනූ එයාව හග් කරද්දි මන් ඒ දිහා බලන් හිටියෙ අමුතු වේදනාවකින්..

VOCÊ ESTÁ LENDO
❤️ Riya ❤️ [COMPLETED]
Fanficසිනහවෙන් කඳුළු හංගා ගත් එක් දඟකාර තරුණියක්.. අහම්බෙන් හමුවෙන එක් සුවිශේෂී පුද්ගලයෙක්... කුමක් සිදුවේවිද...? අපි බලමු... Fan Fiction only 💕