Jimin pov...අදත් වෙනදා වගේම ගොඩක් මහන්සි උන දවසක්... මේ දවස් වල ශෝස් වැඩි නිසා ඒවට හැමෝම රෙඩි උනෙ පිස්සුවෙන් වගේ...
මහන්සිය වැඩිකමට මන් ඩාන්සින් රූම් එකේ බිමින්ම ඉදගත්තා...කොයිතරම් අමාරු උනත් මහන්සි උනත් අපි අපේ වැඩ එක තප්පරේකට මඟ හැරියෙ නෑ..😍😍
තුවාල වීම්, හිත් රිදීම්, අපහාස කිරීම්, අත්හැරීම් හැම දෙයක්ම ඉවසගෙන එක වගේ ඉන්න අපේ කොල්ලො හත් දෙනා ගැන මට ගොඩක් ආඩම්බරයි..
මන් අපි ගැනම කල්පනා කර කරම ඉස්සරහින් තිබුණු කණ්ණාඩිය පැත්‍ත බැලුවා.. මට එකපාරටම මතක් උනේ එදා මට හම්බුණු පිස්සු කෝලමව... 🙈
එයා නම් එදා ගියේ මට තව වැඩ වැඩි කරල 😓 එදා නම් ඒ පිස්සු කෝච්චියගෙ වැඩ වලට තරහින් හිටියත් දැන් නම් මතක් වෙනකොටත් හිනා යනවා.. මොනා උනත් යන්තම් හ්‍යුන්ග්ලා ටිකගෙන් ගුටි නොකා බේරුන එක නම් සහනයක් 🤭
ඒ එක්කම මට මතක් උනේ කෙල්ලගෙ වැඩ නිසා හ්‍යුන්ග්ලා ටිකගෙ මූනු ඇද උන හැටි 🤭
ඒ මතක ආයෙම අලුත් උනේ ඇත්තෙන්ම ඒ ගත වුන විනාඩි කීපයත් මන් ගොඩක්ම වින්ද නිසා වෙන්න ඇති...😍
...............................................
Flashback...
මන් එදා දිනූගෙ කාර් එක නොපෙනි යනකන්ම බලන් හිටියා.. දවසක්ම මන් එක්ක විකාර කර කර ඉදල දැන් ගියාමත් පාලුයි වගේ... කව්ද හිතුවෙ මේ නර්සරි වැඩ මේ තරම් හිතට අල්ලාවි කියල...
අද ඩෝම් එකේ හ්යුන්ග්ලා කවුරුවත් නෑ.. මන් අද ගෙදර යනව කියල එයාලට බොරු කියල තිබුණෙ දිනූගෙ වැඩේ ගැන මට එයාලට කියන්න අයිතියක් නැති නිසා වගේම ඒ හැම දේම හොර රහසෙ උන නිසා... 😞
එයාලට පොඩි හරි බොරුවක් කියන්න උන එක හිතට ටිකක් අමුත්‍තක්...😞 හැමෝම ගියාට පස්සෙ මන් තනි උනා වගෙ දැනුනෙ... අමුතු පාලුවක් තනිකමක් හිතට දැනෙද්දි මාත් නොදැනිම බියර් කෑන් දෙක තුනක් හිස් උනේ මාව පියවි සිහියෙන් ඈතට යද්දි....
මට ඇහැරුනේ බෙල් එක වදින සද්දෙටයි...දැන් දවල්ද උදේද කියලවත් මන් දන්නැ... මන් වෙරි මතේම ගිහින් දොර ඇරියෙ ඒ වෙනකොටත් ඇස් අරින්න අමාරුයි වගෙ දැනුන නිසා....
ESTÁS LEYENDO
❤️ Riya ❤️ [COMPLETED]
Fanficසිනහවෙන් කඳුළු හංගා ගත් එක් දඟකාර තරුණියක්.. අහම්බෙන් හමුවෙන එක් සුවිශේෂී පුද්ගලයෙක්... කුමක් සිදුවේවිද...? අපි බලමු... Fan Fiction only 💕