කෝල් එක දීල පැය බාගයක් ඇතුලත මට තැනට යන්න පුලුවන් උනා... එයා ශොප් එකේ කොනේ ටේබල් එකේ වාඩි වෙලා ඉන්නව දැක්කම තමයි මට යන්තම් හරි සහනයක් දැනුනෙ... මන් ඉක්මනට එතනට යන්න හැදුවත් එයා එකපාරටම වාඩි වෙලා හිටපු තැනින් වැටුනෙ පුටුවත් පෙරලගෙන...😢
මන් පුලුවන් තරම් වේගෙන් එතනට ඇවිදගෙන ගියා.. ශොප් එකේ මේ වෙලාවෙ වැඩි දෙනෙක් හිටපු නැති නිසා කාටවත් මේ සිද්දිය ගානක් උනෙ නෑ... මන් එතනට යනකොටත් එයාට සිහිය නෑ ..
ඉකමනටම වතුර ටිකක් ඉල්ලන් මූනට ඉස්සට පස්සෙ එයාට සිහිය ආවා... මාව දැකපු එයාගෙ මූනෙන් සැනසිලිදායක හිනාවක් ආවා... ඒ හිනාවට මගෙ හිතම කඩන් වැටුනා කිව්වොත් හරි...
මේ කෙල්ල කොච්චර දුක් විදිනවද...? මේවගෙ අවසානයක් නැද්ද..? ඇයි මේ තරම් හැංගිලා ඉන්නෙ..? මේ හැම දෙයක්ම විසඳන්න්න මට පුලුවන් උනා නම්..😢
🔘" ක්වෙන්චනා...ක්වෙන්චනා...චිපේ කජා..(ගෙදර යමු)"
මන් කිව්වම එයා හිනා වෙලා ඔලුව වැනුවා... මන් එයාව එහෙමම ඇඟට වාරු කරගෙනම කාර් එකට ආවා...😞 මඟ දිගටත් මන් සැරින් සැරේ ඩ්රයිව් කරන ගමන් එයා දිහා බල බල ආවෙ.. ආයෙම සිහි නැති වේවි කියල බයෙන් මන් හිටියෙ...
දිනූගෙ apartment එකට ඇවිත් එයා එපා කියද්දිම මන් කෙල්ලව වඩාගෙනම ඇවිත් රූම් එකෙ ඇදෙන් හරි පරිස්සමට තිබ්බා... එයාට මොකක් හරි ශොක් වෙන දෙයක් වෙලා.. 😖😞 මගෙ හිත නිතරම කිව්වෙ ඒක....
කෙල්ලට නිදහසේ ඉන්න දීලා රූම් එකෙන් යන්න හදනකොටම එයා මගෙ අතින් අල්ලල නැවැත්තුවා... හැරිල බලපු මන් දැක්කෙ එයාගෙ කදුළු පිරිලා තිබුණු ඇස් දෙක...😢 එයා වචනයක් වත් නොකිය මන් දිහා බලන් හිටියා... ඒ නිහඩකම ඇතුලේ ගොඩාක් දේවල් තිබුණා... එයා නොකිය කිව්වෙ එයාව තනිකරල යන්න එපා කියල.....
ඇදේ කොනකින් වාඩි උන මන් එයාගෙ ඔලුව අතගෑවෙ එයාට නින්ද යනකන්.. වැඩි වෙලාවක් ගියේ නෑ කෙල්ල පොඩි එකෙක් වගෙ මගෙ අතත් තුරුලු කරන් නිදාගත්තා... 😍🙈 මන් ඒ එක්කම දිනූට කෝල් කරල සිද්ද උන දේවල් කිව්වෙ එයා මේ දේවල් දැන ගන්න ඕනිම නිසා.... ඒ වෙනකොටත් දිනූ දේගුවලින් එන ගමන් නිසා එයා ඉක්මනටම මෙහෙට ඒවි...

YOU ARE READING
❤️ Riya ❤️ [COMPLETED]
Fanfictionසිනහවෙන් කඳුළු හංගා ගත් එක් දඟකාර තරුණියක්.. අහම්බෙන් හමුවෙන එක් සුවිශේෂී පුද්ගලයෙක්... කුමක් සිදුවේවිද...? අපි බලමු... Fan Fiction only 💕