අවුරුදු දෙකක් ගෙවිල ගියේ හිතා ගන්න බැරි තරම් ඉක්මනට... මන් හිටියෙ bighit එක ඉස්සරහ කාර් එක නවත්තගෙන කල්පනා කරන ගමන්... මොනතරම් වෙනස් වෙලාද.. නෑ...නෑ.. bighit එක නෙවෙයි මගෙ ජීවිතේ... 🙈
හිනාවක් එක්කම මන් ආවෙ කාර් පාක් එකට.. ඒත් එකපාරටම දැක්කෙ දැකල පුරුදු කෙනෙක්.. මේ අවුරුදු හතරටම එයා දැක්කෙ අද... ම්ම් වෙනස් වෙලා.. ඉස්සර තිබුණු තරුණ පෙනුමවත් දිලිසෙන ඇදුම්වත් දැන් එයාට නෑ...
මන් බෑග් එකෙන් ගත්තෙ apartment එකක කී එකක්... මේක දෙන්න විදිහක් මන් මේ දවස් ටිකේම කල්පනා කලා... අන්තිමට එයාම ඇවිත්... කාලයක් මන් වැඩිපුරම ආදරය වගේම වෛර කරපු කෙනා... ලොකු හුස්මක් අරන් මන් ගියේ එයාව හම්බෙන්න....
🍁"අම්මී..."
🍀"පුතේ... චූටී...."
එයාගෙ කටඬේ වෙනසක් තිබුණා... එයා මොනව හරි හිතේ හිර කරන් ඉන්නව කියලයි තෙරුණේ.. ඒ කටහඩේ තිබ්බෙ දුකක්ද නැත්නම් පසුතැවීමක්ද කියල මට හිතා ගන්න බෑ.. එයා මන් දිහා බලන් හිටියෙ ගොඩක් දේවල් කියන්න තියෙනවා වගේ... ඒත් තවත් මට කිසිම දෙයක් අහන්න ඕනිකමක් තිබුණෙ නෑ...
එයාට ඉන්න තැන පවා නැති වෙලා... එයා අන්තිමට මැරි කරපු කෙනා එයාව රවට්ටල සල්ලි අරන්... අන්තිමට ඇදන් ඉන්න ඇදුම් ඇරෙන්න වෙන කිසිම දෙයක් එයාට ඉතුරු වෙලා නෑ... අයියයි මායි මේ දේවල් දැන ගත්තෙ ගිය මාසෙයි.. ඒත් අපිට අම්මි ඉන්න තැනක් හොයා ගන්න මාසයක්ම ගියා... අන්තිමට අම්මිගෙ වියදම් දරන්න මන් තීරණේ කලා...
මොනව උනත් මට මොන තරම් නපුරුකම් කලත්... මාව පාවිච්චි කලත් එයා මගේ අම්මි... මාව ලෝකෙකට බිහි කරපු කෙනා... එයාව එහෙම අසරණ වෙනවා මට බලන් ඉන්න හිත දුන්නෑ... 😕 එයාව මන් ළඟ තියාගෙන සලකන්න ඕනි උනත් එයා කරපු දේවල් නිසා ආයෙම එයාට ළං වෙන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ.. ඒ නිසාම ඈතින් ඉදන් එයාට වෙන්න ඕනි දේවල් පුලුවන් විදිහට කරන්නයි මට ඕනි.. දුවෙක් විදිහට ඈතින් ඉදන් මගෙ යුතුකම් ටික කරන්න අන්තිමේදි මන් මගේ හිත හදා ගත්තා...
🍁"ආ මෙන්න... apartment එකෙ යතුරු... අද ඉදන් ඔයගෙ හැම වියදමක්ම මන් ගෙවන්නෙ.. ඔයාට තියෙන්නෙ එහෙට වෙලා ඉන්න විතරයි...."

YOU ARE READING
❤️ Riya ❤️ [COMPLETED]
Fanfictionසිනහවෙන් කඳුළු හංගා ගත් එක් දඟකාර තරුණියක්.. අහම්බෙන් හමුවෙන එක් සුවිශේෂී පුද්ගලයෙක්... කුමක් සිදුවේවිද...? අපි බලමු... Fan Fiction only 💕