මේ ඔක්කොම පටන් ගත්තෙ මට අවුරුදු 9 දි. නිවීසැනසිල්ලේ හිටපු මගෙයි අයියගෙයි ජීවිත දෙකම අව්ල් උනේ අත්තම්මගෙ මරණෙත් එක්ක කොහෙන්දෝ ඉදල කඩන් පාත් උන අම්ම කියල කියන කෙනෙක් නිසා. ඇත්තටම අයියාගෙ ජීවිතේටත් වඩා මේ හැම දේම මගේ ජීවිතේම වෙනස් කලා කිව්වොත් මන් හරි.අම්ම අපිට හම්බෙන්න කලින් මමයි අයියයි හිටියෙ අත්තම්ම එක්ක. අයියා මට වඩා අවුරුදු අටක් වැඩී. ඇත්තටම මගේ පව්ල ගැන කතා කලොත් ඒක තනිකම පිස්සුවක් ඒ වගේම අව්ල්ජාලාවක්..😥 මට තේරුන කාලෙ ඉදලම අයියගෙයි මගෙයි ලොකු වෙනස්කම් ගොඩක් තිබුනා.. ඒ මොන දේ උනත් නොවෙනස් උන එකම දෙයක් තිබුනා ඒ තමයි අයියාගෙ ආදරෙ 😍😍🙈
ආහ් පොඩ්ඩක් ඉන්න මන් ගැන කිව්වෙ නෑ නේද. මන් රියා ෆර්නැන්ඩස් ඒත් මගෙ අයියා දිනුල් ජයසේකර. 😞
"මන් ෆර්නැන්ඩස් වෙලා අයියා ජයසේකර උනේ කොහොමද?"
" අයියා කට්ට කලු වෙලා මන් කොහොමද සුද්දියෙක් තරම් සුදු උනේ? "
" මන් ලංකාවෙ හිටියත් සිංහල කතා කරත් ඇයි හැමෝම මන් ලංකාවෙ කෙනෙක් වගෙ නෙවෙයි කියන්නෙ? "
ඔව් මේවා තමයි පොඩි කාලෙ ඉදන්ම මගෙ ඔලුවට ආපු ප්රශ්න.. ඒ වගේම අනිත් අය බලෙන් පුංචි වයසෙදිම මගේ ඔලුවට දාපු ප්රශ්න..හැබැයි මේ හැම ප්රශ්නයක්ම එක දිගට විසදුනේ කාලයත් එක්කම..
ඒත් මේ වෙලාවෙ නම් මන් ඉන්නෙ මගෙ ජීවිතේ වැදගත්ම තීරණයක් ගන්න ඕනි වෙලාවකයි.
"රියා කොහොම හරි මේකෙන් පැනල පලයන්... තවත් ඉන්න එපා.. මේ හොදටම ඇති... හොදටම ඇති"
මගේ හිත කිව්වෙ නම් මෙහෙම. ඒ එක්කම මට මතක් උනේ අවුරුදු ගානක් ඈත මගේ අතීතය....
.............................................Flash back
වෙනදා වගේම මමයි අයියයි උදෙන්ම නැගිට්ටෙ වෙනද වගේ ඉස්කෝලෙ යන්න නම් නෙවෙයි. ඒ දවස් ටිකේන අත්තම්ම හිටියෙ ඉස්පිරිතාලෙ.. අත්තම්මගෙ අසනිපෙ මොකක්ද කියල මට ලොකු තේරුමක් තිබුනේ නෑ..
"චූටී ඉක්මනට ලෑස්ති වෙන්න. අත්තම්ම බලන්න යන්න පරක්කුයි. "
YOU ARE READING
❤️ Riya ❤️ [COMPLETED]
Fanfictionසිනහවෙන් කඳුළු හංගා ගත් එක් දඟකාර තරුණියක්.. අහම්බෙන් හමුවෙන එක් සුවිශේෂී පුද්ගලයෙක්... කුමක් සිදුවේවිද...? අපි බලමු... Fan Fiction only 💕