Jin pov
"හේරිනා!" මට ඉබේටම කෑගහුනේ එයා හිටපු විදිය දැකලා. එයා අැද ගාව බිම වැටිලා ගුලි වෙලා හිටියා. එ් මදිවට හොඳටම ගැහෙනවා. මම ගිහින් ඉක්මනට එයාව බදා ගත්තේ එයාගේ ගැහෙන එක නවත්තන්න ඕන නිසා. තේ නම් හොඳටම කලබල වෙලා.
එ්ත් එක්කම අනිත් අයත් කලබලෙන් කාමරේට අාවා. තේ නම් හොඳටම බය වෙලා වගේම කලබල වෙලා කියලා එයාගේ මූණෙන්නම පෙනුනා.
"යුන් සෝ කොහේද හේරින්ගේ බැග් එක?" එයා කලබලෙන් වගේ අැහුවා.
"මෙ....අර තියෙන්නේ👉" යුන් සෝ කියනවත් එක්කම තේහයුන්ග් ටිකක්වත් පරක්කු නොවී හේරින්ගේ බෑග් එකේ පොඩි පොකට් ටික ඔක්කොම අවුස්සන්න ගත්තේ නිකම් පිස්සු හැදිලා වගේ.
"තේහයුන්ග් මොනවද ඔයා ඔය කරන්නේ?" නම්ජුන් පුදුම වෙලා අැහුවා. එ්ත් තේහයුන්ග්ට නම් කොහොමටවත්ම එ්කට උත්තර දෙන්න උවමනාවක් තිබුනේ නැති පාටයි. එයා බෑග් එක අවුස්සලා අවුස්සලා අන්තිමට කවරයක් අතට ගත්තා.
"යූරි නූනා මට වතුර එකක් දෙන්න ඉක්මනට" තේ කවදාවත් නැතුව යූරිට කිව්වේ අණ කරන ස්වරයකින්.
"අා මෙන්න" යූරි එයාට වතුර වීදුරුවක් ගෙනත් දුන්නා.
තේහයුන්ග් වතුර වීදුරුවයි අර කවරෙන් ගත්තු බෙහෙත් පෙති වගේකුයි අරන් ඉක්මනට මායි හේරිනුයි හිටපු තැනට දුවන් අාවා.
"හයුන්ග් මෙයාව අල්ල ගන්න" එහෙම කියපු වී හේරින්ගේ කටට අර බෙහෙත් පෙති ටික දාලා වතුර වීදුරුවත් පෙව්වා.
A/N
කට්ටියම හිටියේ හේරින්ට වුණ දේ නිසා පුදුම වෙලා වගේම බය වෙලා. ජින් හේරින්ව උස්සන් ගිහින් හේරින්ගේ අැදෙන් තියලා රෙද්ද පෙරෙව්වා. එ් අතරේ තේහයුන්ග් ජිමින්ගේ කනට කියලා මොනවද කියපු එක කවුරුවත්ම දැක්කේ නෑ.
"හ්ම්... හරි" ජිමින් තේහයුන්ග්ට විතරක් අැහෙන්න කිව්වා.
"හයුන්ග් අපි යමු. හේරින්ට ටිකක් විවේක ගන්න දුන්නම හරි" එහෙම කියපු ජිමින් තේයි කෙල්ලෝ ටිකයි විතරක් ඉතුරු වෙන්න අනිත් කොල්ලෝ පස්දෙනාවම කාමරෙන් එලියට අැදන් ගියේ දොරත් වහන ගමන්. ජින් නම් හේරින්ව දාලා යන්න වැඩි කැමැත්තක් නොතිබුනත් ජිමින්ගේ බල කිරිල්ල නිසාම එයාලත් එක්ක ගියා.
YOU ARE READING
ɱყ σɳℓเɳε ℓσѵε (Completed)
FanfictionHeerin, who was left alone with the death of her mother, lost her loneliness by listening to songs. But her life was changed because of a friend she met in a Whatsapp group on her 18th birthday. Will she be able to ove come with the loneliness beca...