Jimin pov
"අයිශ් ජිමින් ඔප්පා මේක හරියන්නෙ නෑ" හේරින් දහවෙනි වතාවටත් මටයි හොබී හයුන්ග්ටයි කෑගැහුවේ අපි දෙන්නගෙම අවදානේ cheograpy එකට පොඩ්ඩක්වත් නෑ කියලා තේරුන නිසා. "ඔයාලා මොන සිහියෙන්ද ඉන්නේ. අපි ටිකකට නවත්තල බ්රේක් එකක් ගනිමු"
"ඒත් අපි මේක ප්‍රැක්ටිස් වෙන්න ඕන" මම කිව්වේ බිමින් වාඩි වෙලා ළඟ තිබුණු වතුර බෝතලේ කඩල වතුර ටිකක් කටට හලා ගන්න ගමන්.
"ඒත් ඔය දෙන්නගෙම හිත් එක තැනක නැහැනේ ඉතින් කොහොමද එක් අවධානයකින් මේක කරන්නේ?" හේරින් වදවෙන ස්වරූපයෙන් කිව්වා. "ඔය දෙන්නත් චුට්ටි බ්රේක් එකක් අරන් mind එක relax කරගන්න. එතකොට හරි යයි. ඕන නම් ඔයාලගේ ප්‍රශ්න කියන්න මං අහන්නම්"
"කාව හම්බවෙන්න ද ඔය කට්ටිය සඳුදා යන්න ප්ලෑන් කරන්නේ" මායි hobby හයුන්ග්නුයි එකටම ඇහුවා. ඒකට නම් හේරින්ට හිනා ගියා.
"ඕකට තමයි කියන්නේ පැහැදිලි ඉරිසියාව කියලා" එයා හිනාවෙවීම අපිට කිව්වා. "සමාවෙන්න මට ඒත් ඒක ගැන නම් කියන්න බැහැ. වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් උත්තරයක් දෙන්න පුළුවන්."
"අර කෙල්ලෝ ටිකට කියන්න පුළුවන් ඒත් අපිට බැහැ" මම නහයෙන් පිඹින ගමන් එයාට රැව්වා.
"හොබී ඔප්පා මම මේක ඔයාගෙන් අහන්නමයි හිටියෙ. මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා. ඒත් ඇයි ඔයා බෝහි උන්නීව රැවැට්ටුවේ?" හේරින් එකපාරටම අහපු දේ නිසා හොබී හයුන්ග් බිම බලා ගත්තා. "මම දන්නවා ඔයා ඒ වගේ කෙනෙක් නෙවෙයි කියලා. ඒ වගේම දෙපැත්තට වෙලා ඉන්න එකෙන් ඔය දෙන්නමයි විඳවන්නේ. මට හේතුව කියන්න සමහර විට මට ඔයාලා දෙන්නට උදව් කරන්න පුළුවන් වෙයි."
හේරින්මේ වෙලාවේ ඇහුව මටත් දැනගන්න ඕන වෙලා තිබුණු ප්‍රශ්නයක්. අවුරුදු හතක් එකට හිටපු හින්දා මම හොබී හයුන්ග් ගැන හොඳටම දන්නවා. එයා ඇයි මේ වගේ දෙයක් කරේ? එයා සාමාන්‍යයෙන් එහෙම කරන කෙනෙක් නෙවෙයි.
"ඔව් හයුන්ග් අපිට කියන්නකො. අපි දෙන්න පොරොන්දු වෙන්නම් අපි දෙන්නගෙන් පිටට කාටවත් මේක යන්නේ නැහැ කියලා" මමත් කිව්වා.
YOU ARE READING
ɱყ σɳℓเɳε ℓσѵε (Completed)
FanficHeerin, who was left alone with the death of her mother, lost her loneliness by listening to songs. But her life was changed because of a friend she met in a Whatsapp group on her 18th birthday. Will she be able to ove come with the loneliness beca...