Jin's pov
"Bon Voyoga 5 එකට ඔයාලා India වලට යන්නේ. පැයකින් ඔක්කොමලා ලෑස්ති වෙලා ඉන්න" bang pd-nim එහෙම කියලා එතනින් ගියා.
Droom එකේ එක යුද්දයක්. කට්ටිය අරෙහෙට දුවනවා එහෙට දුවනවා. ඒ අස්සෙ අහුවෙන අහුවෙන ඇදුම් බෑග්වලට දාගන්නවා. අනේ මගේ පොඩි එවුන් ටික.😂ඒ අස්සේ කැමරාමනුත් කැමර් එකත් උස්සන් එක්කෙනෙක්ගේ පස්සෙන් අරහෙට දුවනවා. තව කෙනෙක්ගේ පස්සෙන් මෙහෙට දුවන් එනවා. තනිකර මෙතන පිස්සන් කොටුවකට දෙවනි නෑ. ඒ මදිවට ඔක්කොම හැඩි කරලා. සුගා නම් ඒ අස්සෙත් කිරා වැටෙනවා.
"ඒයි ඔය බඩු ඔක්කොම ලෑස්ති කරලාද නිදි කිරන්නේ?" මම සුගාගේ ලගට ගිහින් ලග තිබුණ කෝට්ටකින් එකක් අනින ගමන් ඇහුවා. මම ලගට ගියේ නැත්තේ මොකද බාගෙට නින්දෙන් ඇහැරුණ යුංගි අපේ පීඩී නිම්ට කේන්ති ගියාටත් වඩා අන්තයි😅. මට නිකම් මගේ Worldwide handsome මූණ සමතලා කර ගන්න උවමනාවක් නම් නෑ.😌
"ආයිශ් හයුන්ග් මම ඊයේම ඔක්කොම ලෑස්ති කර ගත්තා. මේ කලබලත් එක්ක ලෑස්ති කර ගන්න ගියා නම් ගොඩක් ඒවා අමතක වෙනවා. ආයේ මට ඇහැරවන්න එපා අර කට්ටිය යන්න එලියට බහිනකම්ම" එහෙම කියපු එයා සෝ්ෆා එකේ අනිත් පැත්ත හැරිලා ආයේ නිදා ගත්තා. එහෙනම් ඒක තමයි ඊයේ මහ රෑ ජාමෙට droom එක පෙරලනවා වගේ ඇහුනේ. මේ හොර පූසගේ වැඩ
"හයුන්ග්ට වැඩ තිබ්බේ නැත්තම් අපිත් එකක් අද යන්න තිබුනනේ" කුකියා දුකින් වගේ මගේ ගාවට ඇවිත් කිව්වා. මට මගේ අලුත් සෝන්ග් එකේ වැඩ වගයක් තිබුණු නිසා මට යන්න වෙන්නේ හෙට. මේ කට්ටිය එක්ක යන එකෙන් නම් ගොඩක් විනෝද වෙන්න තිබුණා. ඒත් කමක් නෑ. මට හේරින් එක්ක තනියමනේ යන්න වෙන්නේ. මේ යස්ස පැටව් ටිකගේ කරදරයක් නැතුව නිදහසේ මට එයත් එක්ක යන්න පුළුවන්.😌😁. ඒ... ඒත් එයා තාම මාත් එක්ක තරහින්ද ඇත්තේ?😞
කොහොම හරි අන්තිමේදී මේ කලබල අස්සේ කට්ටිය ලෑස්ති වෙලා එයාපෝට් එකටත් ගියා. අද මුළු droom එකම නිකම් පාළුවට ගිහිල්ලා වගේ. මම විතරයිනේ ඉන්නේ. අනේ මගේ පිස්සු මල්ලිලා ටික... ඇතුවත් බෑ නැතුවත් බෑ. මම ගියේ අලුත් සෝන්ග් එකේ වැඩ ටික බලන්න. ටික වෙලාවකින් හේරින් මගේ ඔෆිස් එකට ආවා.
YOU ARE READING
ɱყ σɳℓเɳε ℓσѵε (Completed)
FanfictionHeerin, who was left alone with the death of her mother, lost her loneliness by listening to songs. But her life was changed because of a friend she met in a Whatsapp group on her 18th birthday. Will she be able to ove come with the loneliness beca...