Suga
මම එයා යනකම් බලන් ඉදලා කාර් එකත් අාපහු හරවන් අාවා. අද උදේ පාන්දර මාව නෑව්වනේ. දැන් තනියම පයින්ම එන එකයි අැත්තේ😈😀.
එ්ත් එයාට මොකුත් අව්ලක් වෙන එකක් නෑනේ........ අායිශ්...... එ්ක ගැන තවත් හිතන්න එපා යුන්ගි😑. එයාමනේ එ්ක කර ගත්තේ. මම එහෙම හිත හිත අපිට දීලා තිබුණු විලා එකට ගියා. මම එනකොට අර කස්ටිය දොර ළඟ. අපේ මැක්නේ ලයින් එක බෑග් එකත් අරන් අැතුලට පැන්නා. ගෑණු ළමයින්ගේ මැක්නේ ලයින් එකත් අපේ කස්ටියට දෙවෙනි නෑ. දැන් තුන් හය දෙනාම එ්ක අැතුලේ තිබ්බ ස්නැක්ස් පැකට් ටිකට පොර කනවා. අනේ අැත්තට මම නිකම් නසරි එකකට අාවා වගේනේ😟. එ් පොඩි එවුන් ටිකත් මේ අලි බබාලට ටිකට වඩා හොඳට සංවරව ඉන්නෝ අැති. බඩුමල්ල පැත්තක මුන් ටික ගෙනාපු බඩුවලින් මිල්ශේක් වලටයි ස්නැක්ස්වලටයි රණ්ඩුවෙනවා. අනේ මටත් මේවා බලන් ඉන්න වුනානේ.
"අනේ තේ ඔප්පා ඕක මගේ. මට ඔය චිප්ස් පැකට් එක ඕන" හේරින් තේගේ අතේ තිබුන චිප්ස් පැකට් එක උදුර ගන්න හදනවා.
"ගිහින් වෙන එකක් ගන්නවා. දැන් මේක මගේ." තේ එයාට නියවන ගමන් කිව්වා.
"යා..... ඕක මමයි මුලින්ම අර ගත්තේ" හේරිනුත් තේ දෙවනි නැති වෙන්න කෑ ගැහුවා.
"දැන් එ්ක තියෙන්නේ මගේ අතේ. එ්ක නිසා එ්ක මටයි අයිති" තේ කිව්වා.
සෝහි මින් සෝ දෙන්නා චොක්ලට් එකකට රණ්ඩුවෙනවා.
"උන්නි මේක අතාරින්න." මින් සෝ සෝ හිට කිව්වා.
"මට කියන්නේ බෝ අතැරපිය" සෝහිත් වලියටමයි.
එ් අතරේ ජිමින් කුකී දෙන්නා ගෙනාපු බනනා මිල්ක්ශේක් එකට රණ්ඩු වෙනවා.
"යා හයුන්ග් ඕක මගේ. මෙහෙට දෙනවා. බොට ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එකක් ගන්න බැරිද?" කුකියා ජිමින්ට කෑ ගැහුවේ බනනා මිල්ක්ශේක් එක ජිමින්ගෙන් උදුරන ගමන්.
"කුකි එතන ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් ඉවරයි. මම බනනා එ්වා දෙකක්ම ගෙනාවේ. ජිමින් තව එකක් බෑග් එකේ අැති ඔයා එ්ක ගන්න" මම එයාට කිව්වා.එතකොටම කුකියා එ් දෙන්නා පොරකකා හිටපු බනානා මිල්ක්ශේක් එක ජිමින්ගෙන් උදුරගෙන එයාට දිවත් දික් කරලා ඉක්මනට මල්ල ගාවට ගිහින් අනිත් එකත් අතට අරන් පඩිපෙල දිගේ ටිකක් උඩට දිව්වා.
YOU ARE READING
ɱყ σɳℓเɳε ℓσѵε (Completed)
FanfictionHeerin, who was left alone with the death of her mother, lost her loneliness by listening to songs. But her life was changed because of a friend she met in a Whatsapp group on her 18th birthday. Will she be able to ove come with the loneliness beca...