Jin pov
"ජින් ඔප්පා යන්න උදව් ඉල්ලන් එන්න" හේරින්ට මට කෑගහලා අඬන ගමන් කිව්වත් මට මගේ කෙල්ලව ඒ වගේ ජරා මිනිස්සු ටිකකක් ගාව දාලා යන්න කොහොමටවත් උවමනාවක් තිබුණේ නෑ. මම හිතා ගත්තේ මට මොනවා වුනත් හේරින්ව මුන්ගෙන් බේරලා යවනවා කියලා.
"කොල්ලෝ මම උබට තව එක අවස්ථාවක් දෙන්නම්. කෙල්ලව අත ඇරලා පණ බේරගෙන මෙතනින් පලයන්." හේරින්ව හයියෙන් අල්ලන් හිටපු මෙතන නායකයා කියලා හිතපු කෙනා මට කිව්වා. මගේ කෙල්ලව අල්ලන් ඉන්න එයාට කොහෙන් ආපු අයිතියක්ද? මට පේන විදියට එයාලා පන්නන්නේ හේරින්ගේ පස්සෙන්. ඒක නිසා මට කොහොමටවත් හේරින්ව මෙයාලා එක්ක දාලා යන්න බැහැ. මෙයාලා කෙල්ලට මොනවා කරයිද දන්නේ නැහැ.
"ඔප්පා මම ගැන හිතන්නේ නැතුව යන්න. ඔයා මුලින් බේරිලා ඉන්න. ගහින් කාගෙන් හරි උදව්වක් ඉල්ල ගන්න" හේරින් මට කෑගහලා කිව්වේ කොරියන්වලින්.
"මොනවද කෙල්ලේ කියවන්නේ?" මැර නායකයා එයාගේ එයාගේ මූණට එබෙද්දි මගේ ඇගේ ලේ නලියන්න ගත්තේ මටත් නොදැනීමයි. ඒත් මම කොහොම හරි මාව පාලනය කරගත්තා. මොකද කලබල වෙලා මේක විසඳන්න බැරි නිසා.මෙන්න එකපාරටම අර මැර නායකයා එකපාරට කොරියන් වලින් කතා කරන්න ගත්තා. එයා මගේ දිහාවට බලලා විරිත්තන ගමන් "ඒයි මහ ලොකු ප්රේමවන්තයා තමුන්ට ජීවත් වෙන්න ආසාවක් නෑ වගේ නේ. මගේ තරහ අවුස්සන්නෙ නැතුව මෙතනින් පලයන් නැත්නම් පේනවනේ මේ මන්න😏"එයාගේ දිගට වවලා තිබුනු නියපොත්ත මන්න දිගේ අරන් යන ගමන් කිව්වේ හරිම නොසන්ඩාල හිනාවක් දාගෙන ගමන්. බැහැ මට හේරින්ව මෙහෙම නම් දාලා යන්න බැහැ. මෙයාලා එයාට මොනවා කරයිද දන්නේ නැහැ. මං ඉන්නකම් මගේ කෙල්ලට අතක්වත් තියන්න මං තමුන්ලට ඉඩ දෙන්නෙ නෑ.
"කොල්ලනේ මූට හොඳින් කිව්වට තේරෙන්නේ නෑ වගේ. මූටත් මෙතැනින් පණ පිටින් යන්න දෙන්න එපා." මැර නායකයා කියපු ගමන් එතැන හිටපු චන්ඩියො ඔක්කෝම වටවෙලා මට නෙලන්න ගත්තා.
"අනේ ප්ලීස් එයාව අත අරින්න. ඔයාලට ඕන මාවනේ ප්ලීස් එයාට යන්න දෙන්න" heerin කෑ ගැහුවේ එයාගේ අත් දෙක තදකරල හිරකරන් ඉන්න මනුස්සයා ගෙන් ගැලවෙන්න උත්සහ කරන ගමන්.
YOU ARE READING
ɱყ σɳℓเɳε ℓσѵε (Completed)
FanfictionHeerin, who was left alone with the death of her mother, lost her loneliness by listening to songs. But her life was changed because of a friend she met in a Whatsapp group on her 18th birthday. Will she be able to ove come with the loneliness beca...