Heerin
අත්තටම මගේ ජීවිතේ කොච්චර පාලු එක්ක ද ? කතා කරන්න කිසිම කෙනෙක් අැත්තෙත් නෑ.තාත්තා හිටියත් එයා එයාගේ වැඩ. එයාට මම ගැන අවධානය යොමු කරන්න කිසිම වෙලාවක් නෑ එ් තරමට වැඩ. අම්මා මැරිලා දන් අවුරුදු ගාණක් වනෙවා. ඊට පස්සේ ගෙවුණු අවුරුදු දහයක විතර කාලේ අතුළත මායි තාත්තයි හරියට කතා කරලා තියෙන්නේ දහවතාවකටත් වඩා අඩුවෙන්.මට කිසිම යාළුවෙක් අැත්තෙත් නෑ.පාළුවෙන් හිටපු මේ අවුරුදු දහ අටේ කෙල්ල එ් ඔක්කොම නැති කර ගත්තේ BTS songs අහලා. මොකෝ මට කියලා කිසිම සහෝදරයෙක් හරි සහෝදරියක්වත් හිටිය එකක් යැ. Chinaවල ඉන්න ලොකුම bissnussman කෙනෙක්ගේ එකම දුව !😟 මල වදේ... එ්කෙන් වුනේ මගේ නිදහස තව ටිකක් නැති වුණ එක විතරයි.
මට අැත්තටම හැම දේම එපා වෙල හිටියේ. BTSලා නිසා තමයි මම මෙහෙම හරි මගේ පාළුවයි තනි කමයි නැති කර ගත්තේ.එයාලගේ පිස්සු වැඩ බලලා මම හිනා වුණා. එයාලා සතුටු වෙන වෙලාවලට මාත් සතුටු වුනා. එයාලා අඬන වෙලාවලට මාත් දුරින් ඉඳන් එ්ක බලලා අැඩුවා. මම බොහොම සතුටින් කියනවා මම army කෙනෙක් කියලා😊😄
(අහ් මෙහෙම නෙවෙයි මම මේක පටන් ගන්න ගියේ. එ්ත් දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ )අැත්තටම එයාලා නිසා තමයි මගේ පලවෙනි හොඳම යාළුවව හම්බ වුණේ. එයා මට වඩා ටිකක් වැඩිමල්. එයාව මට හම්බවුනේ online නිසා.නම WorldWide Beautifull (බය වෙන්න එපා එ්ක එයාගේ nikename එකක් 😅)
මොකක්ද ඔයාලා හිතුවේ එයා ජින්ගේ bias කෙනෙක් කියලාද ? එයාගේ හැබැයි එයාගේ bias ජින් නම් නෙවෙයි........18 months before ........
" ආ තාත්තේ ඔයා අද ඩිනර් එකට එනව ද?" මම හැමදාම වගේ හම්බවෙන අත්තරේ දැන දැනත් මම තාත්තගෙන් ඇහුවේ අදවගේ විශේෂ දවසකවත් එයා එයි කියලා හිතා ගෙන.
"මට එන්න වෙන්නේ නෑග එයා කන්න පැටියෝ" එයා කිව්වේ ඒ කිව්වේ ඒ ටික කියලා phone එක තිව්වා.එච්චරයි ද? ඔයාට අද කවද ද කියලවත් මතක නැද්ද තාත්තේ ? අද මගේ දහ අට වෙනි උපන්දිනේ නේද ? ඔයාට කොහොම ද ඒක අමතක වුනේ?
මම හිතුවා ඔයාට මේ පාරවත් ඔයාට මගේ අපන් දිනේ මතක තියේවි කියලා. ඒත් මම හිතුවා වැරදියි වගේ. එයා හැම පාරකම වගේ මගේ 18වෙනි උපන් දිනෙු දවසෙත් මාව අමතක කරා. එයාට එයගේ එකම දුවට වඩා එයාගේ bissnuss එයාට ලොකු වුණා. ඇත්තටම මට ලොකු දුකක් වගේම කලකිරීමක් ඒ වෙලාවේ ආවේ. මම අනිත් ළමයි එයාලගේ 18වෙනි උපන්දින වලදි ඉල්ලනවා වගේ මම කිසිම වටින දෙයක් ඉල්ලුවේ නෑ. මට ඕන උනේ අදවත් ඔයා එක්ක අනිත් පවුල්වල අය හැමදාම කරනවා වගේ එකට රෑ කෑමක් ගන්න විතරයි. මට පේන්නේ මට අදවත් ඒකට වාසනාවක් නෑ වගේ.
YOU ARE READING
ɱყ σɳℓเɳε ℓσѵε (Completed)
FanfictionHeerin, who was left alone with the death of her mother, lost her loneliness by listening to songs. But her life was changed because of a friend she met in a Whatsapp group on her 18th birthday. Will she be able to ove come with the loneliness beca...